×

අරාබි බලශක්ති අමාත්‍යංශය සියළු සේවා සඳහා දුරස්ත ක්‍රියා පද්ධතියක් ස්ථාපිත කරයි

වත්මන් කොරෝනා වසංගත තත්වය පාලනය කිරීමේ එක් අදියරක් ලෙස ඉහත පියවර ගැනීමට තීරණය කර තිබේ.


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා බලශක්ති අමාත්‍යංශය සියළු සේවා සඳහා දුරස්ත ක්‍රියා පද්ධතියක් ස්ථාපිත කර තිබේ.

මෙම පද්ධතිය ස්ථාපිත කිරීම පිළිබඳ අද (22) දින අමාත්‍යංශය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.

වත්මන් කොරෝනා වසංගත තත්වය පාලනය කිරීමේ එක් අදියරක් ලෙස ඉහත පියවර ගැනීමට තීරණය කර තිබේ.

මේ අනුව, අමාත්‍යංශ සහාය ලබා ගැනීමට පහත තොරතුරු වෙත යොමු විය හැකිය;

වෙබ් අඩවිය: www.moei.gov.ae

ඊමේල් පණිවුඩ සඳහා: ch@moei.gov.ae

බාධාවෙන් තොර දුරකතන ඇමතුම් සඳහා: 8006634

මේ තුළින් බලශක්තිය සම්බන්ධ අත්‍යාවශ්‍ය සේවාවන්, කර්මාන්ත සේවාවන්, භූගෝලීය පිහිටීම් වලට අදාල සේවාවන් ආදී සේවාවන් රැසක් ලබා ගැනීමට හැකිවනු ඇත.

අරාබියේ කොරෝනා වසංගත තත්වය තුළ පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

මීට අමතරව වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 153 දෙනෙකු වාර්තා වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි