×

උගන්ඩාව ජනාධිපතිවරණයට පෙර ෆේස්බුක්, වට්ස්ඇප් සහ අනෙකුත් සමාජ මාධ්‍ය අක්‍රිය කරයි

උගන්ඩාවේ සන්නිවේදන කොමිෂන් සභාව අන්තර්ජාල සැපයුම්කරුවන් වෙත යවන ලද ලිපියක සඳහන් කර ඇත්තේ ෆේස්බුක් සහ වට්ස්ඇප් වැනි ජනප්‍රිය සේවාවන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවිය යුතු බවයි.


පසුගිය බ්‍රහස්පතින්දා පැවති ජාතික මැතිවරණයෙන් පසුව උගන්ඩාවේ රජය එල්ලවිය හැකි විරෝධතා සහ සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සූදානම් වෙමින් එරට විදුලි සංදේශ නියාමකයා ලවා සියලුම සමාජ මාධ්‍ය වේදිකා සහ පණිවිඩ යෙදුම් අවහිර කර ඇත.

උගන්ඩාවේ සන්නිවේදන කොමිෂන් සභාව අන්තර්ජාල සැපයුම්කරුවන් වෙත යවන ලද ලිපියක සඳහන් කර ඇත්තේ ෆේස්බුක් සහ වට්ස්ඇප් වැනි ජනප්‍රිය සේවාවන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවිය යුතු බවයි.

මහ මැතිවරණ ව්‍යාපාරයේ දී සමාජ මාධ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ජනාධිපති අපේක්ෂකයින් සහ ප්‍රධාන පක්ෂ උගන්ඩාවේ තරුණ හා වැඩි වැඩියෙන් තාක්‍ෂණික දැනුමෙන් යුත් ජනගහනය දිනා ගැනීමට උත්සාහ කරමින් වීඩියෝ, කථා සහ පොරොන්දු රාශියක් අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කර තිබේ.

සිය හයවන ජනාධිපති ධුර කාලය අපේක්ෂා කරන ජනාධිපති යොවේරි මුසවේනි, සිය මැතිවරණ ප්‍රචාරක වැඩ සටහන් පිළිබඳ සියුම් වීඩියෝ සහ ඡායාරූප ෆේස්බුක් හි පළ කර ඇති අතර සඳුදා සිය නිල පිටුව භාවිතා කරමින් ආධාරකරුවන්ට “ජයග්‍රහණයට පැය 48 ක් ඈතින්” තමා සිටින බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන පොප් තාරකාව සිට දේශපාලනඥයෙකු බවට පත්වූ බොබී වයින් – සමාජ මාධ්‍ය වේදිකාවල සැලකිය යුතු ලෙස විශාල ජන්ප්‍රියත්වයක් ලබා සිටින අතර සන්නිවේදන නියාමකයාගේ පියවර වයින් හා ඔහුගේ බලාපොරොත්තු සහගත ආධාරකරුවන් මර්දනය කිරීමේ සැලසුමක් ලෙසද සැක කෙරෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි