×

උගන්ඩාවේ කන්දක් නාය යයි

අයහපත් කාලගුණය හේතුවෙන් උගන්ඩාවේ දරුණු නායයෑමක්!


ධාරානිපාත වර්ෂාව නිසා උගන්ඩාවේ මවුන්ට් එල්ගොන් ප්‍රදේශයේ කන්දක් නායයයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත් හතළිස්දෙනෙකුගේ දේහ මේ වනවිට සොයා ගෙන ඇත. බුඩුබා ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් දැඩි ලෙස විනාශයට පත්ව ඇති බව වාර්තාවන්හි සඳහන් වේ. හානිය විශාල බැවින් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බව සහන සේවකයෝ පවසති. නායයෑමත් සමඟ විශාල ගල්පර පහළට කඩා වැටීමෙන් නිවාස සෑහෙන සංඛ්‍යාවක් පොළොවට සමතලා වී ඇතැයි රතු කුරුස සංවිධානයේ ප්‍රකාශිකාවක සඳහන් කළාය. විපතට පත් වූවන් සොයා කෙරෙන මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක බැව් එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වේ.

BBC.com

BBC.com

බුඩුබා ප්‍රදේශය 2010දීත් නායයෑමකින් විනාශයට පත් විණ. එවර 300කට අධික පුද්ගලයෝ සංඛ්‍යාවක ජීවිතක්ෂයට පත් වූහ.

මවුන්ට් එල්ගොන් ප්‍රදේශය යමහල් පස්වලින් නිර්මිතය. පස, ඛනිජ ලවණවලින් අනූන බැවින් එය කෘෂිකාර්මික කටයුතුවලට යෝග්‍යය ප්‍රදේශයකි. මේ නිසා මවුන්ට් එල්ගොන් ප්‍රදේශයේ ජනගහනය ද අධිකය. එහි වෙසෙන සියල්ලන්ම පහේ ජීවත් වන්නේ කෘෂිකාර්මික කටයුතුවලිනි.

The Standard

The Standard

2010 වසරේදී ඇතිවුණු නායයෑමෙන් පසු විශාල පිරිසක් රජයේ මැදිහත් වීමෙන් ප්‍රදේශයෙන් ඉවත් කෙරිණ. එසේ වුවත් ඒ පිරිසෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් එහි නැවත පදිංචියට පැමිණියහ. එයට ප්‍රධාන හේතුව වූයේ මවුන්ට් එල්ගොන් ප්‍රදේශයේ කෘෂිකාර්මික රැකියා බහුල වීමයි. වැඩිදෙනෙකුගේ පාරම්පරික නිවාස එම ප්‍රදේශයේ පිහිටා තිබීමත් ඔවුන් එම ප්‍රදේශය හැර නොයන්නට හේතුවක් වී තිබිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි