×

එක්සත් රාජධානිය, සයිබර් ප්‍රහාර පිළිබඳ රුසියාවට චෝදනා කරයි.

එක්සත් රාජධානිය රුසියාවේ හමුදා බුද්ධි සේවය (military intelligence service-GRU ) ට සයිබර් ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් චෝදනා කර ඇත.


එක්සත් රාජධානියේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ එක්සත් රාජධානියේ රූපවාහිනී ජාලයකට මෙන්ම World Anti-Doping Agency හි පරිගණක වෙත ද මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.

මේ අතර බ්‍රිතාන්‍ය පොලිසිය විශ්වාස කරන්නේ සැලිස්බරි ස්නායු විෂ සිදුවීමට සම්බන්ධ වූ රුසියානු ජාතිකයන් දෙදෙනා ද මෙහි කොටස්කරුවන් බව ය. ඔවුන් දෙදෙනා සහ රුසියානු හමුදා බුද්ධි අංශ සේවය අතර සමීප සබඳතාවයක් ඇති බවට මීට පෙර අනාවරණය වී තිබිණි.

බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම්වරයා ද GRU හි හැකර්ස්ලා විසින් එල්ල කළ ප්‍රහාරය, කිසිදු විටෙකින් රුසියාවේ ජාතික ආරක්ෂාව අරමුණු කරගෙන එල්ල කළ ඒවා නොවන බවත්, ඒ අනුව රුසියාවට ඒ අන්දමින් මෙම ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකි බවත් පවසා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි