×

එක්සත් රාජධානිය ලොව විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව තහනම් කරයි!

ජනවාරියේ සිට cryptocurrency හා සම්බන්ධ සේවාවන් සපයන සියලුම සමාගම් ලියාපදිංචි කිරීම සහ ඒවා මුදල් විශුද්ධිකරණ විරෝධී නීතිවලට අනුකූල බව පෙන්වීම අවශ්‍යවිය යුතු විය.


ලොව විශාලතම ක්‍රිප්ටෝ මූල්‍ය හුමාරුව ලෙස සැලකෙන බිනෑන්ස් ඩිජිටල් මූල්‍ය හුමාරුව සිය රට තුළ තහනම් කිරීමට එක්සත් ජනපද මූල්‍ය නියාමන ආයතනය විසින් කටයුතු කෙරිණි. ඒ ක්‍රිප්ටෝ මූදල් වලට එරෙහිව ගෝලීය මර්දනයක් ව්‍යාප්ත කිරීමේ අභිලාශයෙනි.

ඒ අනුව මින් ඉදිරියට ලෝකයේ විශාලතම cryptocurrency හුවමාරුවලින් එකක් වන Binance හට කිසිදු අයුරුකින් මූල්‍ය කටයුත්තකට මැදිහිත් විය නොහැකි බව බ්‍රිතාන්‍යයේ මූල්‍ය නියාමන ආයතනය පවසන අතර ඒත් සමග ගෝලීය මූල්‍ය කටයුතු කෙරෙහි මෙවැනි ඩිජිටල් මුදල් විසින් සිදු කෙරෙනු ඇති අනිසි බලපෑමෙහි වර්ධනයන් පිළිබදව පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

ජුනි 25 දිනැති නිවේදනයක් නිකුත් කරමින් එරට මූල්‍ය හැසිරීම් පිළිබද අධිකාරිය Financial Conduct Authority (එෆ්සීඒ) සදහන් කරන්නේ එක්සත් රාජධානියේ නියාමනය කරන ලද එකම ආයතනය වන බිනෑන්ස් මාකට්ස් ලිමිටඩ්, “එෆ්සීඒ හි පූර්ව ලිඛිත අවසරයකින් තොරව, නියාමනය කරන ලද කිසිදු ක්‍රියාවක් ක්ෂණිකව ක්‍රියාත්මක නොකළ යුතු බවයි.

ඩිජිටල් අවකාශයේ පවතින හුවමාරු මාධ්‍යයක් වන ක්‍රිප්ටෝ මුදල් 2009 වසරේදී සටෝෂි නකමොටෝ නම් පුද්ගලයෙක්‌ බ්ලොක්‌චේන් නම් තාක්‌ෂණයක්‌ අනුසාරයෙන් හදුන්වා දෙන ලදී. ලොව පළමු වරට සාර්ථක විමධ්‍යගත ක්‍රිප්ටො මුදල් (Cryptocurrencies) වර්ගය වන්නේ බිට්කොයින් (Bitcoin) ලෙස සැළකේ.

“ක්‍රිප්ටෝ” මුදල්වල අගය තීරණය වන්නේ වෙළදපළ බලවේගවලට අනුවය. මෙය බොහෝ දුරට කොටස්‌ වෙළදපළ ක්‍රියාකාරීත්වයට සමානය. මෙවන් “ක්‍රිප්ටෝ” මුදල් හුවමාරු කරන වෙළපොළවලට “ක්‍රිප්ටෝ” මුදල් හුවමාරු මධ්‍යස්‌ථාන ලෙස හදුන්වයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි