×

ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා එක්සත් රාජධානියෙන් විශේෂ උපදෙස්

ලංකාවේ සිදුවෙමින් පවතින සීඝ්‍ර දේශපාලන වෙනස්කම් හේතුවෙන් පරීක්ෂාකාරී වන ලෙසත්, විරෝධතා හෝ විශාල දේශපාලන රැස්වීම්වලට සහභාගි නොවන ලෙසත්, ලංකාවට පැමිණීමේදී කෙටි කාලීන වීසා ලබාගන්නා ලෙසත් දක්වමින් එක්සත් රාජධානිය විසින් ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා උපදෙස් ලබා දී ඇත.


අංග සම්පූර්ණ සංචාරක සහ වෛද්‍ය රක්ෂණයක් ලබාගන්නා ලෙස ද එංගලන්ත සංචාරකයන් වෙත මෙයින් උපදෙස් සැපයේ. Foreign travel advice Sri Lanka
මේ වන විට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග 5ක්, T20 තරගයක් සහ ටෙස්ට් තරග 3 ක් සඳහා ලංකාවට පැමිණ සිටින අතර මෙම තරග නැරඹීම සඳහා ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ද ඔවුන් විසින් විශේෂ මගපෙන්වීම් නිකුත් කර තිබේ.
එයට අමතරව ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ගමන් බිමන් බොහොමයකදී කිසිදු ගැටළුවක් උද්ගත නොවන නමුත් ලිංගික අඩන්තේට්ටම්, බීමත්කම, මාර්ග අනතුරු, දියේ ගිලී යාම් සහ ක්‍රෙඩිට් කාඩ් සොරකම් සිදුවිය හැකි බවයි. එසේම ඩෙංගු රෝගය රට පුරා පවතින බව ද එහි සඳහන් ය. සුළිසුළං, මෝසම් වර්ෂාව සම්බන්ධයෙන් මේ දිනවල අවදානමක් පවතින බව ද සෙසු කරුණු අතර ඔවුන් සිහිපත් කර සිටියි.
එක්සත් රාජධානිය ලංකාවේ තත්වය පිළිබඳ දිගින් දිගටම සුපරික්ෂාවෙන් පසුවෙමින් සංචාරකයන් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන බවත් එහි සඳහන් ය.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි