×

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකට මට්ටු නොවන ඔමික්‍රෝන් බූස්ටර් එන්නතෙන් පසුබසින ලකුණු!

මේ පිළිබඳ පැහැදිලි දත්ත ලබා ගැනීමට සති කිහිපයක් ගත වනු ඇති බව ද එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සිය නිවේදනය හරහා ප්‍රකාශ කරයි.


කොවිඩ් වෛරසයට එරෙහිව නිපද වූ ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත් වල ද්විත්ව මාත්‍රාවන් හමුවේ කොවිඩ් වෛරසයේ විකෘතියකින් හටගත් නව ඔමික්‍රෝන් ප්‍රභේදයට සැලකිය යුතු බලපෑමක් සිදු නොවන බවත්, ද්විත්ව මාත්‍රාවට අමතරව ලබා දෙන බූස්ටර් මාත්‍රාවක් හරහා සියයට 70 – 75 ක පමණ ප්‍රමාණයකින් එය පාලනය කළ හැකි බවත් එක්සත් රාජධානිය විසින් හඳුනා ගෙන තිබේ.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වර්තමානය තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීමට යොදන පිළිවෙත් වෙනස්වීමකින් තොරව ඉදිරියටත් යෙදුවහොත් මෙම වසරේ දෙසැම්බර් අග වන විට එරට නව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවනු ඇති බවයි.

පුද්ගලයන් 581 දෙනෙකු යොදාගනිමින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල සැලකරමින් එම ආයතනය අවාධාරණය කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් ද්විත්වය ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ක්‍රියාකළ අන්දමට සාපෙක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන්නේ ඉතා සුළු වශයෙන් බවයි.

කෙසේවෙතත්, බූස්ටර් මාත්‍රාවක් ලෙස ලබා දෙන තෙවන මාත්‍රාව හරහා යම් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි බවත්, තෙවන මාත්‍රාවක් හරහා සියයට 70 – 75 පමණ මෙම ප්‍රභේදය පාලනය කළ හැකි බවට සනාථ වීම ඊට හේතුව බවත් එම ආයතනය පෙන්වා දෙයි.

කෙසේවෙතත් නව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීම මත බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පසුවන පුද්ගලයන්ට මෙම එන්නත් මාත්‍රා ලබා දීම කොපමණ දුරට සාර්ථක ද යන්න සනාථ කර ගැනීමට තවමත් අසමත් වූ බව ද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ පිළිබඳ පැහැදිලි දත්ත ලබා ගැනීමට සති කිහිපයක් ගත වනු ඇති බව ද එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සිය නිවේදනය හරහා ප්‍රකාශ කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි