×

දූෂණ විරෝධී ක්‍රියාකාරිනියක් ඇසිඩ් ප්‍රහාරයකින් මරුට

යුක්රේනයේ දූෂණ විරෝධී ක්‍රියාකාරිනියක් වන කැතරිනා හැන්ඩියුක් (Kateryna Handzyuk) ඇසිඩ් ප්‍රහාරයකට ලක්වුණේ පසුගි ජූලි 31 වැනිදා ය.


33 හැවිරිදි ඇය, තුන් මසකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිට, මරණයට පත්වූවාය. කීව් අගනුවරදී ඇගේ ජීවිතය බේරාගැනීම සඳහා මෙම මාස 3 ක කාලය තුළ සැත්කම් 11කට වඩා සිදුකිරීමට වෛද්‍යවරුන්ට සිදුවී තිබිණි.

ඇසිඩ් ප්‍රහාරය නිසා ඇගේ සිරුරෙන් 40%කට වඩා පිළිස්සී ගොස් තිබිණි. ඇගේ ඇසක පෙනීමට ද එයින් දරුණු හානි සිදුවිය.

ඇය ඇසිඩ් ප්‍රහාරයට ලක්වූයේ දකුණුදිග ක්‍රේසන් නගරයේදී ය. ඇය එහි නගර සභා සභිකයෙකු ද වූවාය. එසේම නගරාධිපතිවරයාගේ උපදේශිකාවක ලෙස ද ඇය ක්‍රියා කළාය.

මෙම පුද්ගලයා විසින් ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව සැලකෙයි. | Censor.NET

මෙම පුද්ගලයා විසින් ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව සැලකෙයි. | Censor.NET

අපරාධයට සැක පිට පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඇගේ මරණය වාර්තාවීමත් සමග ජනපති පෙත්‍රෝ පොරොෂෙන්කෝ (Petro Poroshenko) පැවසුවේ වරදකරුවන්ට ඉක්මනින්ම දඬුවම් ලබාදෙන බවයි.

යුක්රේනයේ ‘දූෂණ යුද්ධය‘

ගතවූ කාලය තුළ යුක්රේනයේ දූෂණය සහ අල්ලස් ගැනීම් වලට එරෙහිව දැඩි ජනමතයක් නිර්මාණය වී තිබේ.

ඒවා වාර්තා කිරීමේ නියැළෙන මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන්  මේ වන විට මුහුණ පා සිටින්නේ දැඩි තර්ජනයකට ය. මියගිය කැතරිනා හැන්ඩියුක්, එම දූෂණ විරෝධී ක්‍රියාකාරිත්වයේ ප්‍රබල හඬක් බවට පත්ව සිටියාය.

මේ වන විට ඇගේ ඝාතනයට හේතුව එක එල්ලේ අනාවරණය වී නැතත්, මෙයට පෙර ද මාධ්‍යවේදීන්ට එරෙහි මෙවැනි අපරාධ රැල්ලක් ම යුක්රේනයෙන් වාර්තා විය.

පසුගිය සැප්තැම්බරයේ වාර්තා වූයේ රුසියානු සහාය ලබන බෙදුම්වාදයට එරෙහිව හඬ නගමින් කැතරිනා විසින් වීඩියෝවක් පෝස්ට් කළ බවයි. එමගින්, රට තුළ ඔඩු දුවමින් තිබෙන දරුණු දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වන ලෙසට ඇය යුක්රේන ජනතාවගෙන් ආයාචනය කර තිබිණි.

රෝහල්ගතව සිටියදී කැතරිනා මෙසේ කීවාය.

‘‘මම දන්නවා මම දැන් කැතයි. නමුත් අඩුම ගණනේ මට ප්‍රතිකාර කරනනවා.. ඒ වගේම මම දන්නවා, මම යුක්රේනයේ යුක්තියට වඩා ලස්සන බව.. මොකද, කිසිම කෙනෙක් එ් රෝගයට බෙහෙත් කරන්නේ නැහැ!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි