×

රුසියාව රාජ්‍ය ත්‍රස්තවාදයට නීතිමය පිළිගැනීම ලබා දෙන බවට සෙලෙන්ස්කි ගෙන් චෝදනා!

රුසියාව රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන බවට යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි චෝදනා කරයි.


මීට හේතුව වී තිබෙන්නේ, ඉකුත් දිනක රුසියානු සිරකඳවුරක සිටි සිරකරුවන් රැසක් මරණයට පත්ව තිබීමයි.

මෙම සිරකරුවන්ගේ මරණ ඝාතන බවත්, ඒ අනුව රුසියාව රාජ්‍ය අන්‍රග්‍රහය ලද ත්‍රස්තවාදය නීත්‍යානුකූලව ම ප්‍රවර්ධනය කරන බවත් චෝදනා කරන යුක්රේන ජනපති එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන් ගෙන් ඉල්ලා සිටින්නේ රුසියාව තුළ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බවට පිළි ගන්නා ලෙසයි.

ඒ අනුව, රුසියාවට එරෙහිව කටයුතු කරන ලෙස ද සෙලෙන්ස්කි යුක්රේන ජනාධිපතිවරයා ලෝක බලවතුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි