×

අපි විමසිල්ලෙන් – ජගත් සංවිධානය ශ්‍රී ලංකාවට කියයි.

පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසයි.


එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශක ෆර්හාන් හක් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

අදාළ නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශක විසින් නිකුත් කළ නිවේදනය

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර 2019 ජනවාරි 05 වැනි දින මීළඟ මහ මැතිවරණය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය වෙත එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ අවධානය යොමුව ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් අනුගමනය කරමින් දේශීය ආයතන පද්ධතිය අනුව යමින් නීතියේ ආධිපත්‍යයට හා නිසි ක්‍රියාවලියට ගරු කරමින් උද්ගත වී ඇති මතභේදාත්මක තත්ත්වය විසඳා ගැනීමේ වැදගත්කම මහ ලේකම්වරයා අවධාරණය කර සිටී. තවද සාමය හා ශ්‍රී ලංකා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මානව හිමිකම් ආරක්ෂා කරමින්, යුක්තිය හා සාධාරණත්වය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සුරැකෙන පරිදි කටයුතු කරන ලෙස මහ ලේකම්වරයා ශ්‍රී ලංකා රජයට නැවත සිහිපත් කර සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි