×

ලොව නිර්මාණාත්මක භාණ්ඩ අපනයනකරුවන් අතරේ ඉන්දියාව පෙරට

චීනය,හොංකොං(චීනය),ඉන්දියාව,සිංගප්පූරුව,තායිවානය,තුරුකිය,තායිලන්තය,මැලේසියාව,මෙක්සිකෝව, පිලපීනය යන රටවල් නිර්මාණාත්මක භාණ්ඩ වැඩියෙන්ම අපනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් 10 යි.


එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගියදා නිර්මාණාත්මක භාණ්ඩ අපනයනය කරන්නන් පිළිබදව ඉදිරිපත් කරන ලද වාර්ථාවේ ඉහළින්ම සිය නම සදහන් කරන්නට ඉංදියාවට හැකිවිය.
2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ ඉන්දියාව විසින් සිය  නිර්මාණාත්මක භාන්ඩ අපනයනය තුන් ගුණයකින් ඉහළට ගෙන විත් ඇත. එනම් ඇමරිකානු ඩෝලර් බිලියන 7.4 සිට 20.2 දක්වාය.

ලෝකයේ අද වන තෙක්ම මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින රට වන්නේ චීනයයි. 2002 හා 2015 අතර කාලය තුළ චීනය විසින් සිදු කරන නිර්මාණාත්මක භාණ්ඩ අපනයනය සියයට 14කින් වාර්ෂිකව වර්ධනය වේ. එක්සත් ජාතීන්ගේ වෙළද හා සංවර්ධන සමුළුව United Nations Conference on Trade and Development (UNCTAD) විසින් ඉදිරිපත් කළ මෙම වාර්ථාව රටවල් 130 ක තත්ත්වය එළිදක්වා ඇති අතර 2002 වසරේ සිට 2015 දක්වා අපනයන තත්ත්වයන් සමීක්ෂණය කොට ඇත.
එම කාලය අතර තුර ලෝක වෙළදපල තුළ නිර්මාණාත්මක භාන්ඩ වටිනාකම දෙගුණ වී ඇත. ඒ 2002 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 208 සිට 2015 වන විට 509 දක්වාය‍

චීනය,හොංකොං(චීනය),ඉන්දියාව,සිංගප්පූරුව,තායිවානය,තුරුකිය,තායිලන්තය,මැලේසියාව,මෙක්සිකෝව, පිලපීනය යන රටවල් නිර්මාණාත්මක භාණ්ඩ වැඩියෙන්ම අපනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් 10 වන අතර ඇමරිකාව, ප්‍රංශය,ඉතාලිය,එංගලන්තය,ජර්මනිය, ස්විට්සර්ලන්තයහා නෙදර්ලන්තය සංවර්ධිත රටවල් 10යයි.

මෙම වාර්ථාව නිකුත් කිරීම සදහා තෝරා ගත් රටවල් 130 අතරේ හෝ ශ්‍රී ලංකාව නොතිබීමද කණගාටුවට කරුණකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි