×

සෝමාලියානුවන් මිලියන දෙකක ජීවිත කුස ගින්න නිසා අවධානමේ – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ඔක්තොම්බර් මාසය වන විට එය මිලියන 6ක් දක්වා ඉහළ යනු ඇත.


සෝමාලියා රාජ්‍යයේ මිලියන දෙකකට අධික පිරිසකගේ ජීවිත කුස ගින්න නිසා අවධානම් තත්ත්වයේ පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 2001 වසරේ සිට පවතින දරුණු නියගය අතරතුර මෙම අවධානම ඉතා බරපතල තත්ත්වයකට පත් වෙමින් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ නියගයට අමතරව දශක ගණනාවක් තිස්සේ පවතින ගැටුම්, සහ මානුෂීය මෙහෙයුම් සදහා සෝමාලියානු රජයට පවතින අපහසුකම් මේ සදහා වැඩි වශයෙන් බලපානු ලැබ ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කළ ආහාර ආරක්ෂණය සම්බන්ධ ආසන්නතම විශ්ලේෂණයන් විසින් පෙන්වාදෙනු ලබන්නේ 2011 වසරේ සිට වගාවන් සදහාද අඩුම අස්වැන්නක් ලැබී ඇත්තේ පසුගිය අප්‍රේල් සහ ජූනි මාස අතර තුරේදීය.

මෙම වසරේ ඔක්තෝබර් වන විට මිලියන දෙකේ සිට මිලියන 6 දක්වා කුස ගින්න නිසා අවධානමට ලක් වන පිරිස් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර මිලියන 2.6කට වැඩි පිරිසකට ගැටුම් සහ නියගය හේතුවෙන් සිය ගම් බිම් හැර යන්නටද සිදුව ඇත. මේ හේතුවෙන් වැඩි පිරිසකට වසර ගණනාවක් ගෙවා දමන්නට සිදුව ඇත්තේ ස්ථිර වාසස්ථානයක් නොමැතිවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි