ලෝකයේ එක් කොණක කිසිදා කිසිම වෙනසක් නොවූ තරමට සුපැහැදිලි ශිතල දිවයිනකි. දිය වන්නට කිසිසේත් අකමැති ශීතල හිමතට්ටු යට සැඟවුණ සිය ගණන් මළ සිරුරු වසර ගණනාවක් තිස්සේ හිම මෙන්ම ගුලි ගැසී කල් ගෙවයි… හිරු එළියෙන් මඳකුදු සැනසිල්ලක් නැති නිසාම ඒවා තවමත් ශීතලෙන් ගැහෙයි. ඒ සෑම මළ සිරුරක් වටාම සැඟවුණ දුක්බර කථාවක් අනිවාර්යෙන්ම තිබිය යුතුය. Unsung Heros of Frozen Continent
ශීතල ඇන්ටාක්ටිකාවේ තත්ත්වයන්ට මුහුණ දෙන තරමට අද මානවයා තාක්ෂණයෙන්ද දැනුමින්ද දියුණු වී සිටියද එදා එහි යන බොහෝ අයට ආපසු ගමනක් නැති තරම් විය. එහි උෂ්ණත්වය සාමාන්‍ය වශයෙන් සෙල්සියස් අංශක සෘණ අනූවක් හෙවත් ෆැරන්හයිට් සෘණ 130කි. සමහර තැන් වල සුළඟ පැයට කිලෝමීටර් 322ක වේගයක් ගනී. එහෙත් භයානක වන්නේ මේ අදහා ගත නොහැකි කාලගුණය පමණක්ම නොවේ.
මෙහි සැඟවුණ මළ සිරුරු බොහොමයක් අයිති වන්නේ විද්‍යාඥයින් , ගවේෂකයන් ආදීන්ටයි. එමෙන්ම ඒවා බොහොමයක් එහි ඇති බව අනාවරණය වන්නේ මිය ගොස් දශකයකට හෝ ශතවර්ෂයක කාලයක් ගත වුණ පසුවයි. සමහර විට ඒවා කිසිදා කිසිවෙක් විසින් සොයා නොගන්නා මළ සිරුරුය.
ඉතා ගැඹුරු අයිසි හෝ ග්ලැසියර් තට්ටු යට සැඟවුණු සමහර සිරුරු කිසිදා කිසිවෙකුට සොයා ගත නොහැකි වන බව ඒකාන්තය. එසේ නැත්නම් ඒවා ග්ලැසියර් සමගම මුහුදු පතුළ තෙක් ගලා බසින්නේය.
මෙම මරණ බෙහෝමයක් හා බැඳී ඇත්තේ අබිරහස් මෙන්ම විසඳාලිය නොහැකි බිහිසුණ අහම්බයන්ය. ඒ ශිත හිම යට මිදී ඇති සොහොන් කොත් ගැන ‘මිදුණු මහද්වීපය‘ Frozen Continent නමින් බී බී සී මාධ්‍ය ආයතනය විසින් සිදු කළ ගවේශණාත්මක වැඩසටහන විසින් අනාවරණය කර ගත් කරුණු රැසකි. මෙසේ මිනිස් වාසයට නුසුදුසුම දිවයිනක ජීවිත කථා කිහිපයක්ම ඔවුන් මෙම වැඩසටහන තුළදී වාර්තා කර තිබේ.
ඇන්ටාටිකා අර්ධද්වීපයේ දූපත් සිය ගණනක් වන දකුණු ෂෙට්ලන්ඩ් හි එක් දූපතකි, ලිවින්ග්ස්ටෝන් දූපත. වසර 175ක අතීතයකට අයත් මිනිස් හිස් කබලක් සහ උකුල් ඇටයක් හමුවූ අතර එය ඇන්ටාටිකාවේක් හමු වු පැරණිතම අස්ථීන් විය.
මෙම ඇටකටු හමු වූණේ 1980 වසරේදීය. චිලී ජාතික පර්යේෂකයෝ සොයා ගත්තේ ඒවා අයිති කාන්තාවකට බවයි. ඇය මිය ගොස් තිබුණේ ඇයට වයස අවුරුදු 21දීය. ඇය දකුණු චිලියේ ආදි වාසී කාන්තාවකි. ඇය මිය ගොස් තිබුනේ ඇගේ මවු බිමෙන් කිලෝ මීටර් 1000ක් දුරින් පිහිටි ලිවින්ග්ස්ටෝන් දූපතේදීය.
ඇගේ අස්ථි කැබලි පිළිබඳව කළ විශ්ලේෂණවලදී අනාවරණය වුණේ ඇය මිය ගොස් ඇත්තේ 1819ත් 1825ත් අතර කාලයේදී බවයි. ඒ අනුව ඇන්ටාටිකාවේ ජීවිත ගත කළ මුල් කාලීන මිනිසුන් අතරට ඇයත් සිටි්නට ඇතැයි සැක කෙරේ.
නමුත් ගැටළුව වන්නේ ඇය චිලියේ සිට එහි ගියේ කුමන හේතුවකටදැයි යන්නයි. චිලී ඉතිහාසයේ පැවති සාම්ප්‍රදායික බෝට්ටු වලට ඈව එතරම් දිගු මුහුදු ගමනක් ගෙන යන්නට කෙසේවත් නොහැකිය. එමෙන්ම එම මුහුදද ඉතා දරුණු මෙන්ම රළු එකකි.
ශීතල හිම යට සැඟවුණ ඇන්ටාටිකාවේ මිදුණු සොහොන මත වැතිර සිටින ඇගේ සිරුර එහි ගිය අයුරු සැබවින්ම අදහා ගත නොහැකි මුත් විවිධ පර්යේෂණ සිදු කරමින් සිටින්නන්ගෙන් අනාවරණය වන්නේ විවිධ අදහස්ය . ඒ පපෘථවියේ එක් කොණක වැළලුණ මිනිස් වාසයට නොසුදුසු දිවයිනක තිබී හමු වූ හිස් කබලක එක් කථාවකි.
සමහර පර්යේෂකයන් සිතන්නේ ඈ එවතකට මුහුදු ගමනේ යෙදුණ පිරිස් සමග එහි ආ බවයි. නමුත් තවත් පර්යේෂකයන්ගේ අදහස් ඊට හාත්පසින්ම වෙනස්ය.
රොබට් ෆැල්කන් ස්කොට්ස් බිතාන්‍ය ගවේෂක කණ්ඩායමේ සාමාජිකයෙකි ඔහු සිය කණ්ඩායමත් සමග දක්ෂිණ ධ්‍රැවයට ළඟා වන්නේ 1912 ජනවාරි 17 වන දිනයි. ඒ එවැනිම නොවේජියාණු කණ්ඩායමක් එහි පැමිණ හරියටම සති තුනකට පසුවයි. තමන් එහි ළඟා වූ පළමු කණ්ඩායම නොවන බව රොබට් ෆැල්කන් ඇතුලු බ්‍රිතාන්‍ය කණ්ඩායම දැන ගත්තේ එහි ළඟා වූ පසුවයි. ඒ හේතුවෙන් ඔවුන් ඉමහත් කැලඹීමට පත් වූයේ සිය බලාපොරොත්තු කඩ වීමත් සමගිනි.
එය එතරම් හොඳ දේශගුණයක් සහිත දිනයක් නොවීය. ගහක් කොළක් හෝ කිසිදු ස්වභාවික සම්පතක් සොයගෙැනීම අති දුෂ්කර වූ මේ පෙනෙන තෙක් මානයක හිමින් පමණක් වැසී ඇති භූමියේ කෙතරම් දුර ඇවිද ගියද හමු වන්නේ හිමම පමණක් මිස අන් කිසිවක් නොවේ . ඒ නිසාම සීතල ඇරෙන්න ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වූ අති විශාලම ගැටළුව වුණේ කුස ගින්නයි.
කණ්ඩායම 60 දෙනෙක්ගෙන් යුක්ත විය. රොබට් ෆැල්කන්ටත් සියල්ලන්ටමත් පීඩනය වැඩි වූයේ සිය දරු මල්ලන් තම සෘදයා එනතෙක් තබා ඇති බලා පෙරොත්තු මතක් වන විටයි. ඔවුහි දක්ෂීණ ධ්‍රැවය අග්ගිස්සෙහි හිඳ නැවතත් සිය ගම් බිම් බලා යමින් සිටියහ.
‘‘පටන් ගත් වැඩේ කරනවා- නැත්තම් මිය යනවා‘‘ ඔවුන් ගේ අදහස වී තිබුණේ එයයි. එසේ පැවසුවේ සුප්‍රසිද්ධ චාල්ස් ඩාවින් ගේ පුත් රාජකීය භූ විද්‍යා සංගමයේ සභාපති ලියනාඩෝ ඩාවින් ය.
අාක්ටික් සීතලේ හිඳ නැවත එමින් සිටි කකණ්ඩායමේ මුළින්ම මිය ගියේ එඩ්ගාර් එවන්ස්ය. ඉන්පසු ලෝරන්ස් ඔට්ස් ද මිය ගියේය ඔවුන් ගේ සිරුරු සොයා ගත නොහැකි විය. නමුත් මිය ගිය එඩ්වඩ් විල්සන්, සහ හෙන්රි බවර්ස් ගේ මළ සිරුරු කලකට පසුව සොයා ගන්නා ලදී ඔවුන් මිය ගොස් තිබුණේ 1912 වසරේ මාර්තු මස 30 වන දිනයි. ස්කොට්ස් ගේ දින පොතේ ලියා තිබූ පරිදි ඔවුන්ගේ සිරුරු වසා සිටියේ හිම කුට්ටිය.
”මම හිතන්නැහැ කිසිදු මිනිසෙක් අප පසු කල කාලය තරම් කාලයක් පසු කරමින් කර්කෂ සීතලේ දිගු ගමනක් ඇවිදීවි කියා … ස්කොට් ශීත හිම පමණක්ම පිරුණ ආක්ටික් භූමියේ සිය සඟයන් සහ තමන් මුහුණ දුන් සිදුවීම ගැන ලියූ දින පොතෙහි අවසන් පිටු අතර ලියා තැබූවේය.
ඔවුන්ගේ ආහාර සියල්ල අවසන් වී තිබුණී. මීළගට ආහාරයක් ලබා ගන්නටවම් කිලෝමීටර් 18ක් පයින් යා යුතුව තිබේ. නමුත් ශීත කුණාටු ඔවුන්ට කොහේවත් යාමට ඉඩ තබා නැත .. එන්න එන්නම ඔවුන්ගේ සිරුරු දුර්වල වන්නට පටන් ගත්තේය.
මම සිතන්නැහැ ඔවුන් මරණය බලා පොරොත්තු වුණා කියා නමුත් මරණය සැපයක් යැයි සිතන තරමට දරුණු ශීතල ඔවුන්ව දැඩි සේ අසරණ කර තිබුණා.
මැනුචෙස්ටර් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ විශේෂඥ මැක්ස් ජෝන්ස් සිය වාර්ථාවේ සේ සටහන් කර ඇත.
ශීතල හිම මත සිය ජීවිත වලින් සමු ගත් ස්කොට්ස් ඇතුළු කණ්ඩායමද පමණක් නොව 1965 ඔක්තොම්බර් මස 14 වන දින නැගෙනහිර ඇන්ටාටිකාවේ හිම මත සැඟව ගිය ජෙරමි බේලි ඩේවිඩ් වයිල්ඩ් සහ ජෝන් විල්සන්ද, 1982 අගෝස්තු මස ආක්ටික් ශීත සමයේ අතුරුදන් වූ ඇම්බ්‍රෝස් , කෙවින් ඔක්ලෙන්ටව් සහ ජෝන් කෝල් ද තවත් කිසි වකුට කිසිදා සොයා ගත නොහැකි පරිදි හිමි මත මිහිදන් වූ මිනිස් සිරුරු වලටද උරුම වූ කථා අපමණය.
තමන්ගේ පවුල්වල සාමාජිකයන් පමණක් නොව ජීවිතයේ දුක සැප බෙදා ගත් හිත මිතුරන්ද එක් එක් අයුරුන් ජීවිතය හිම සහ පොර බදා ඇත. යහළුවන් මිය ගිය පසු හෝ අතුරුදන් වූ පසු ඔවුන්ට කළ හැකි එකම දේ වුණේ තම තමන්ගේ ආගමක් දහමකට අනුව ආගමික වතාවතක් කිරීමයි.
ඒ අතුරුදහන් මිනිස් ආත්ම මේ මොහොතේදීත් ආක්ටික් භූමියේ ශීත හිම කුණාටු හා පාවෙමින් එකිනෙක කඳු මත ගැටෙමින් නොසිතූ ලෙසින් තමන්ට අහිමි වූ ජීවිත සොයමින් සිටිනු ඇත. නමුත් අප කිසිවකුත් ඔවුන් එහි මිය ගිය වගක්වත් නොදන්නවා නොවේද…?