×

ඇමරිකාව තවත් කොවිඩ් මාත්‍රා මිලියන 101 දීමට නියමිතයි: CDC

ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉදිරි කාලය තුල කොවිඩ් වසංගතයට එරෙහි එන්නත් මාත්‍රා 101,128,005 ලබා දීමට නියමිත බව රෝග පාලන මධ්‍යස්ථානය (සෙන්ටර් ෆෝ ඩිසීස් කන්ට්‍රොල්) පවසයි.


ඇමරිකාව තුළ ඉකුත් සිකුරාදා (12) දින වන විට කොවිඩ් එන්නත් මාත්‍රා 133,337,525 ලබා දී අවසන් කළ අතර, මේ සඳහා මොඩෙර්නා, ෆයිසර් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් භාවිතා කර තිබේ.

මේ වන විට ඇමරිකානු පුරවැසියන් අතර පුද්ගලයින් 65,965,305 කට අවම එක් මාත්‍රාවක් වත් ලැබී ඇති බවත්, පුද්ගලයින් 35,000,159 ක් සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගත් බවත් එම ආයතනය වැඩිදුරටත් පවසයි.

මීට අමතරව, දිගුකාලීනව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සිටින මධ්‍යස්ථාන සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා 7,499,822 සූදානම් කර ඇති බවද සඳහන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි