×

පශ්චාත් ප්‍රසව විෂාදට එක්සත් ජනපදයෙන් නව ඹෟෂධයක්

Zurzuvae භාවිතා කර දින තුනක් ඇතුලත සාර්ථක ප්‍රතිඵල දැකගත හැක.


එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් පශ්චාත් ප්‍රසව විෂාදට ප්‍රතිකාර කිරීම සඳහා Zurzuvae නමින් නව ඹෟෂධයක් අනුමත කර තිබේ.

මේ වන තෙක් එක්සත් ජනපදයේ පශ්චාත් ප්‍රසව විෂාදය සඳහා ප්‍රතිකාර ලබා ගත හැකි වූයේ අභ්‍යන්තර එන්නතක ස්වරූපයෙනි. New York Times පුවත්පතට අනුව Brexanolone නමින් හඳුන්වන එම එන්නතක මිල ඩොලර් 34,000ක් විය.

එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනය විසින් Zurzuvae යන ඹෟෂධය මෙම වසරේ සිව්වන කාර්තුවේදී වෙළඳපොලට නිකුත් කිරීමට යෝජිත වන අතර දින 14ක් පුරාවට දිනකට වරක් ලබා ගන්නා මෙම පෙත්තෙහි මිල තවමත් එහි නිෂ්පාදකයා විසින් ප්‍රකාශයට පත් කර නොමැත.

Sage Therapeutics සහ Biogen යන මව් සමාගමි විසින් කරන ලද පරීක්ෂණයන්ට අනුව Zurzuvae හි ඹෟෂධය භාවිතා කර දින තුනක් ඇතුලත සාර්ථක ප්‍රතිඵල දැකගත හැකි බවයි විශ්වාස කරන්නේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි