×

ඉරානය ඇමරිකානු මිලිටරි ඩ්‍රෝනයක් බිමහෙලයි‍

මේ වන විට ඇමරිකාව සහ ඉරානය අතර උද්ගතවෙමින් පවතින උණුසුම් විරසකය අතරතුරේ මෙවැනි ප්‍රහාරයක් සිදුවීම ඇමරිකාවේ උදහසට හේතු වී ඇත.


ඉරානය විසින් ඇමරිකාවට අයත් යුධමය ඩ්‍රෝන යානයක් මිසයිල ප්‍රහාර මගින් බිම හෙළා ඇති බව ඇමරිකානු ආරක්ෂක බලධාරීන් විසින් ප්‍රකාශ කරයි. ඇමරිකාව ප්‍රකාශ කරන්නේ හොමූස් සමුද්‍රසන්ධිය ආසන්නයේ ජාත්‍යන්තර ගුවන් සීමවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. අනාවරණය වන පරිදි මෙසේ බිම හෙලා ඇත්තේ ඇමරිකානු නාවික හමුදාවට අයත් MQ-4C ට්‍රයිටෝනයයි.

මීට ඉහතදී ඉරාන විප්ලවීය ආරක්ෂක භට පිරිස් IRGC විසින් ප්‍රකාශයට පත් කලේ තමන් විසින් ඉරාන ගුවන් සීමාවේ තිබූ ඇමරිකානු ඩ්‍රෝනයක් බිම හෙලූ බවයි.

මේ වන විට ඇමරිකාව සහ ඉරානය අතර උද්ගතවෙමින් පවතින උණුසුම් විරසකය අතරතුරේ මෙවැනි ප්‍රහාරයක් සිදුවීම ඇමරිකාවේ උදහසට හේතු වී ඇත.

පසුගිය දා ගල්ෆ් බොක්කේදී ජාත්‍යන්තර ඉන්ධන නෞකා දෙකකට එල්ල වූ ප්‍රහාර සදහා වග කිවයුත්තේ ඉරානය බව ද ඇමරිකාව විසින් දිගින් දිගටම චෝදවනා එල් කරන ලදී,

මේ අතර තුර ඇමරිකාව විසින් මැද පෙර දිගට තවත් ඇමරිකානු හමුදා භටයික් 1000ක් යැවීමට බලාපොරෝත්තුවන බවට ප්‍රකාශයක් නිකුත් කෙරිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි