×

දෙවන ලෝක යුද්ධයේදී සිදුවූ මානව සංහාරය මේ ශීත සෘතුවේදී කෝවිඩ්-19 වසංගතය නිසා ඇමරිකාවට සිදුවේවි !- අලුත්ම අනාවැකිය

ජර්මානුවන් සහ ජපනුන් විසින් දෙවන ලෝක යුද්ධයේදී මරා දැමූ ඇමරිකානුවන් සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් ශීත සෘතුවේදී වසංගතය විසින් මරා දමනු ඇතැයි අපේක්ෂා කෙරේ.


වොෂින්ටන් සරසවියේ වෛද්‍ය පීඨයේ Institute for Health Metrics and Evaluation (IMHE) විසින් සිදුකරන ලද මෙම පර්යේෂණයෙන් පවසන්නේ 2020 ශීත සෘතුව තුළ මාර්තු මාසය වන විට ඇමරිකාවේ කෝවිඩ්-19 මරණ සංඛ්‍යාව 438,971 දක්වා ඉහළ යනු ඇති බව ය.

මේ අනාවැකිය සත්‍ය වනු ඇති බවට දස දෙසින්ම දැනටමත් ලකුණු පළ වෙමින් තිබේ. අද දිනය වන විට ඇමරිකාවේ කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 11 කඩඉමට ළඟා විය. මරණ ගණන 246,100 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව දිනකට ඇමරිකානුවෝ 1100 බැගින් මිය යති. (මෙම අගය පසුගිය සතියේදී 990 ක් විය) ලක්ෂ 22 ක ඇමරිකානුවන්ට සිය සමීපතමයන් එක් අයෙක් හෝ මේ නිසා අහිමි වී තිබේ. (The New York Times)

මරණ සංඛ්‍යාව පමණක් සලකා බැලුවද මෙයින් කියැවෙන්නේ තවත් මාස 4 කින්, එනම් මාර්තු මාසය වන විට ඇමරිකානුවන් අද පවතින තත්වය මෙන් දෙගුණයක් මරු වැළඳගෙන සිටිනු ඇති බවයි.

පොදුවේ ගත් විට ඇමරිකානු ජනගහනයෙන් 12%ක් ම මේ වන විට ආසාදිතයන් බවට පත් ව ඇත.

දෙවැනි රැල්ලත් සමග මේ දිග හැරෙන්නේ දෙවැනි ලෝක යුද්ධයද?

දෙවන ලෝක යුද්ධයෙන් ද වැඩිපුරම බැට කෑවේ යුරෝපයයි. දැන් එය නැවතත් වසංගතයේ දෙවැනි ලෝක යුද්ධයට මුහුණ දී සිටියි. එනම් මේ පැතිර යන්නේ කෝවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ලයි. මුළු යුරෝපයම සැලකූ විට දිනකට 4000 බැගින් මිය යමින් තිබේ.

මේ අනුව ප්‍රධාන වශයෙන් ඇමරිකාව සහ යුරෝපය පමණක් සැලකුවහොත්, 2021 මාර්තු මාසය වන විට කෝවිඩ්-19 මරණ ගණන මිලියන 2.8 ක් ඉක්මවා යනු ඇත. එනම් ලක්ෂ 28 ක් ඉක්මවා යනු ඇත.

මූලාශ්‍රය : ABC News – Researchers: Covid-19 death toll could double this winter to World War 2 levels



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි