×

වාර්තා ගත ලෙස මරණ වාර්තා අතර ඇමරිකානුවන් මිලියන 09කට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව දී අවසන්!

ඇමරිකානුවන් මිලියන 09කට මේ වන විට කොව්ඩ් 19 වෛරසයට එරෙහිව එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ. 


මේ වන විටත් මාත්‍රා මිලියන 27කට වැඩි ප්‍රමාණයක් බෙදා හැර අවසන් බවද  දැක්වෙයි.

රට පුරා ඉතා වේගයෙන් වෛරසය ව්‍යාප්තවන විට හා වාර්තා ගත අන්දමින් මරණ වාර්තා වන පසුබිමක එන්නත ලබා දීමද වේගවත් කර තිබෙන බව එරට වාර්තා පෙන්වා දෙයි.

ඊයේ දින එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 4500ක් පමණ වන අතර එය වාර්තා ගත ඉහළ යාමක් බවයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය සඳහන් කරන්නේ.

එය ලොව කොවිඩ් 19 මරණ අතරින් දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසද දැක්වෙයි.

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 389500 ඉක්මවා තිබෙන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,368,225 ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම ඊයේ දිනයේදී ඇමරිකාවෙන්  නව ආසාදිතයින් 235,000කට වැඩි පිරිසක් ද හඳුනාගෙන තිබේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි