පසුගිය සෙනසුරාදා ස්වීඩනයේදී ඇමරිකාව සහ කොරියාව අතර න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධව දෙරට නායකයින් අතර නැවතත් සාකච්ඡා සිදු විය.
ඇමරිකාව සමග තමන් පැවති සාකච්ඡා අසාර්ථක බව කොරියාව විසින් දැනුම් දුන් අතර ඔවුන් පවසා සිටියේ සාකච්ඡාව අසාර්ථක වීමට ප්‍රධානතම හේතුව සාකච්ඡාව සම්බන්ධයෙන් ඇමරිකාව සිය පාර්ශවයෙන් කිසිවක් කැප කිරීමට සූදානම් නොමැති වීමයි. නමුත් ඇමරිකාව පවසන්නේ කොරියාව පවසන්නේ අසත්‍යයක් බවත් සාකච්ඡා සාර්ථක වූ බවත්ය.
පසුගියදා කොරියාව විසින් සිදු කළ නවතම මිසයිල අත්හදා බැලීමත් සමග මෙම මෙවර සාකච්ඡා පැවතිණ. පසුගියදා උතුරු හා දකුණු කොරියානු දේශ සීමාවේදී උතුරු ඇමරිකානු කිම් ජොන් උන් සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති හදිසි හමුවෙන් පසුව දෙරට අතර පැවති ප්‍රථම සාකච්ඡාව මෙයයි.
මීට පෙරද න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධව දෙරට නායකයින් අතර සාකච්ඡා පැවති අතර ප්‍රථම සාකච්ඡාව 2018 වසරේදී සිංගප්පූරුවේදීද දෙවන හමුව 2019 වසරේදී වියට්නාමයේ හැනෝහීදීද පැවැත්විණ.
එහිදී ද එකගත්වයකට පැමිණීමට දෙරටටම නොහැකි විය.