×

උයිගර් ප්‍රජාවට එරෙහි චීන ක්‍රියාකාරකම් නැවතීමට ඇමරිකාවෙන් පනතක්

.


චීනයේ ජීවත් වන සුළුතර මුස්ලිම් ප්‍රජාව වන උයිගර් වරුන්ට වධ හිංසා කිරීම සහ අත්තනොමතික ලෙස ඔවුන් රඳවා තබා ගැනීම ට එරෙහිව චීන බලධාරීන්ට  එරෙහිව ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පනතක් සම්මත කරන ලදී,

පනතට අනුව උයිගර් වරුන් වෙත දක්වන ප්‍රතිචාරයන්ට අනුව චීනයට සහයෝගය දෙන රාජ්‍ය්‍යන් සහ බලධාරීන්ට විරුද්ධව  සම්බාධක පැනවීම සදහා පියවර ගැනෙනු ඇත. පනත තවමත් සෙනෙට් සභාව සහ ජනාධිපති ට්‍රම්ප් විසින් අනුමත කළ යුතුව පවතී. මේ සම්බන්ධව මේ වන විටත් චීනයේ ප්‍රතිචාරය ද්වේෂ සහගත එකක් වී ඇති අතර මෙම පනත සම්මත වී සුළු මොහොතකට පසු නිවේදනයක් නිකුත් කරමින් චීනයේ විදේශ අමාත්‍යංශය පවසා සිටින්නේ එය ද්වේෂ සහගත පනතක් බවත් අන්තවාදය තුරන් කිරීමට සහ ඊට එරෙහිව සටන් කිරීමට චීනය දරණ උත්සහය දිය කර හැරීමට මෙම පනත මගින් කටයුතු කර ඇති බවයි. ඇමරිකා එක්සත් ජනපදය චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගැසීමට දරණ උත්සහයක් ලෙස චීනය විසින් මෙය හදුන්වා ඇත.

කෙසේ වෙතත් එක්සත් ජනපදය මෙම පනත සම්මත කරනු ලබන්නේ පසුගියදා චිනයට එරෙහිව හොංකොං වැසියන්ගේ මානව හිමිකම් සම්බන්ධව පනතද සම්මත කිරීමත් සමගිනි.
“අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ආගම, සාධාරණ නඩු විභාගයක් ඇතුළුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් රාශියක් ප්‍රතික්ෂේප කරමින්” උයිගර්වරුන්ට එරෙහිව චීනය තුළ පවතින ක්‍රියාකාරකම් පිළීබදව කාලයක් තිස්සේ චීනය ජාත්‍යන්තරය තුළ දෝෂ දර්ෂනයට ලක්ව ඇත.

මේ අතර  මෙම පනත සම්ම කරන ලෙස උයිගර් අයිතිවාසිකම් පිළිබදව ඇමරිකානු ක්‍රියාකාරිකයන් ට්‍රම්ප් පාලනයට බල කරමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි