×

උතුරු කොරියාව පොරොන්දු කඩකරයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ සටහන් ගැන ඇමරිකානු බුද්ධි අංශ වාර්ථාවක්.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් අතර දෙවන වර හමුවට සැළසුම් සක් වෙමින් තිබෙන මෙහොතක උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධව ඇමරිකානු බුද්ධි අංශ  වාර්ථාවක් විසින් තොරතුරු අනාවරණය කරන ලදී.

ඒ මගින් හෙළි වී ඇත්තේ ඓතිහාසික ට්‍රම්ප් කිම් පළමු හමුවේදී කිම් ජොන් උන් උතුරු කොරියානු ජනපතිවරයා විසින් පොරොන්දු වූ පරිදි න්‍යෂ්ටික වැඩ පිළිවෙළ නතර කර නැති බවයි.
The Worldwide Threat Assessment report යනු ලෝකය පුරා රාජ්ප‍යයන් වෙතින් පවතින තර්ජන සම්බන්ධව ඇමරිකානු බුද්ධි අංශ විසින් සිදු කරන ලද ඇගයීම් වාර්ථාවයි. උතුරු කොරියාව විසින් සිය න්‍යෂ්ටින වැඩ පිළිවෙළ අථණ්ඩව සිදු කරන බවට කරුණු හෙළි කර ඇති මෙම වාර්ථාව තව දුරටත් පෙන්වා දී ඇත්තේ ඉරානය න්‍යෂ්ටික අවි නොනිපදවන බවයි. එමෙන්ම චීනය සහ රුසියාව මගින් සයිබර් ප්‍රහාර එල්ල වීමේ තර්ජනයක් පවතින බව එම වාරිථාව මගින් අනාවරණය කරන ලදී.


එමෙන්ම චීනය සහ රුසියාව විසින් 2020 ඇමරිකානු මැතිවරණය දෙස අවධානය යොමු කරමින් සිටින අතර එම දෙරටෙහි බලපෑමද මැතිවරණ ප්‍රථිපළ කෙරෙහි බලපෑමට නියමිත බව වාර්ථාව මගින් දක්වා ඇත.

ඇමරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ඩෑන් කෝට්ස් සහ තවත් බුද්ධි අංශ නිළධාරීන් විසින් මෙම වාර්ථාව ඇමරිකානු සෙනෙට් සභාවට පසුගිය අගහරුවාදා දින ඉදිරිපත් කරන ලදී,

එහි සදහන් වන අන්දමට උතුරු කොරියාව ඇමරිකාව සමග න්‍යෂ්ටික අවි හරණය පිළිබදව සාකච්ඡා කරමින් සිටින අතර තුර සිය අවි සංචිත සහ දැනුම හා න්‍යෂ්ටික හැකියාව වර්ධනය කර ගනිමින් සිටින බවයි.
පසුගිය ජූනි මාසයේදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් අතර හමුවක් සිංගපූරුවේදී පැවැත්විණ. එහිදී සාකච්ඡා කෙරුණේ කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධවයි. එහිදී ඔවුන් විසින් කොරියාවෙන් න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් අතුගා දමන්නට ගිවිසුම් අත්සන් කරන ලදී,
කෙසේ වෙතත් උතුරු කොරියාව දිගින් දිගටම කියා සිටියේ තමන්ට න්‍යෂ්ටික අවි වලින් ඉවත් වන්නටනම් එය ඒක පාර්ශවික ලෙස කළ නොහැකි බවත් ඒ සදහා ඇමරිකාවද සිය න්‍යෂ්ටික අවි වලින් ඉවත් විය යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි