×

විදේශ අරමුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් හාවඩ් සහ යේල් විශ්වවිද්‍යාල පිළිබද විමර්ශන අරඹයි.

සෞදි අරාබිය සහ චීනය ඇතුළු විදේශ රටවලින් අනාවරණය නොකළ අරමුදල් ලැබී ඇති බවට සැකපිට එක්සත් ජනපදය හාවඩ් සහ යේල් විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.


සෞදි අරාබිය සහ චීනය ඇතුළු විදේශ රටවලින් අනාවරණය නොකළ අරමුදල් ලැබී ඇති බවට සැකපිට එක්සත් ජනපදය හාවඩ් සහ යේල් විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ප්‍රභූ විශ්වවිද්‍යාල ඩොලර් මිලියන සිය ගණනක් විදේශීය තෑගි සහ කොන්ත්‍රාත්තු පිලිබදව සම්පූර්ණයෙන් වාර්තා වල සදහන් කර නොමැති බවයි.

හාවඩ් සහ යේල් පවසා ඇත්තේ තමන් රජය වෙනුවෙන් ප්‍රතිචාර දඇක්වීමට සූදානම් වෙමින් සිටින බවයි. මෙම චෝදනාව පැමිණෙන්නේ අධ්‍යයන ආයතනවලට විදේශ අරමුදල් සැපයීම සීමා කිරීම මධ්‍යයේ ය.

එක්සත් ජනපද නීතිය යටතේ, විශ්ව විද්‍යාල ඩොලර් 250,000 (පවුම් 193,000) ඉක්මවන විදේශීය ප්‍රභවයන්ගෙන් සියලුම තෑගි සහ කොන්ත්‍රාත්තු පිළිබදව වාර්තා කළ යුතුය.

කටාර්, චීනය, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවලින් මීට පෙර වාර්තා නොකළ තෑගි වලින් ඩොලර් බිලියන 6.6 ක් පමණ ලැබී ඇති බව සොයා ගත් බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. මෙම අගය “සැලකිය යුතු ” අගයක් බව එහි සඳහන් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි