×

ඉරාන අවි පද්ධතියට ඇමරිකාවෙන් සයිබර් ප්‍රහාරයක්

පසුගිය සතියේ ඉරානය ප්‍රකාශ කලේ තමන් න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධව ජාත්‍යන්තර ගිවිසුම් සීමාවන් අතික්‍රමණය කරන බවයි.


ඉරාන අවි පද්ධතිය weapons systems ට ඇමරිකාව විසින් සයිබර් ප්‍රහාරයක් දියත් කර ඇත. පසුගිය බ්‍රහස්පතින්දා මෙම ප්‍රහාරය දියත් කළ බව ඇමරිකානු වාර්ථා අනාවරණය කරනු ලැබීය.
මෙම ඇමරිකානු සයිබර් ප්‍රහාරය මගින් ඉරාන රොකට් සහ මිසයිල පද්ධතිය ක්‍රියාත්මක කරවනු ලබන ප්‍රධාන පරිගණක පද්ධතිය ක්‍රියාවිරහිත කළ බව වොෂිංටන් පෝස්ට් සදහන් කරයි.
ඊට අමතරව ඇමරිකාව විසින් ඉරානය මත සම්බාධක පනවා ඇති අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ එසේ කිරීමෙන් ඉරානයේ න්‍යෂ්ටික අවි සම්බන්ධව සහ ආර්ථිකය කෙරෙහි බලපෑම් එල්ල කිරීමට බලාපොරොත්තු වන බවයි.

2015 වසරේ ඉරානය සහ ලෝක පුනර්යුක්ත සම්බාධක වැඩසටහන අතර පැවති න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වීමත් සමග දෙරට අතර මතභේදාත්මක තත්ත්වය උග්‍රවන්නට පටන් ගන්නා ලදී,

පසුගිය සතියේ ඉරානය ප්‍රකාශ කලේ තමන් න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධව ජාත්‍යන්තර ගිවිසුම් සීමාවන් අතික්‍රමණය කරන බවයි.

2015 දී ඇමරිකාව න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමත් සමඟයි ඉරානය සමඟ දැඩි මතභේදාත්මක තත්වයක් හටගෙන තිබෙන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි