×

ඇමරිකාව විසින් ඉරාන ඩ්‍රෝන යානයකට පහර දුන් බව ට්‍රම්ප් කියයි

මින් පෙර ඉරානය විසින් ඇමරිකානු ඩ්‍රෝණ යානයකට පහර දී බිම දැමූ බවට ඇමරිකාව විසින් ඉරානයට චෝදනා කරන ලදී.


ඇමෙරිකානු ප්‍රහාරක නෞකාවක් විසින් ඉරානයට අයත් ඩ්‍රෝන යානයකට පහර දී විනාශ කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේදීය. ඩ්‍රොන යානය අදාල නොකාවට යාර 1000ක ආසන්නයේ පැවතියදී නෞකාවේ ගමන්ගත් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මේ පිළබදව අදහස් දක්වන ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරිෆ් පවසන්නේ තම රටට අයත් ඩ්‍රෝන යානාවකට මෙවැනි දෙයක් සිදු වූ බවට මෙතෙක් තමන් වෙත තොරතුරු ලැබී නොමැති බවයි.

මින් පෙර ඉරානය විසින් ඇමරිකානු ඩ්‍රෝණ යානයකට පහර දී බිම දැමූ බවට ඇමරිකාව විසින් ඉරානයට චෝදනා කරන ලදී.

කෙසේ වෙතත් ඇමරිකානු ජනපතිවරයා පවසන පරිදි නැවතත් එවැන්නක් සිදුවීම ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය තව දුරටත් උත්සන්න කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි