×

බයිඩන්ගේ මතකය පිලිබඳ රොබට් හර් කොන්ග්‍රසය ඉදිරියේ සාක්ෂි දේ

එසේ වුවද, ඔහුගේ නිගමන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් යන දෙඅංශයෙන්ම විවේචනයට ලක්ව තිබිණ.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(12)දිනයේදී විශේෂ උපදේශක රොබට් හර් විසින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ දුර්වල මතකය පිලිබඳ කොන්ග්‍රසයේ සාමාජිකයින් ඉදිරියේ සාක්ෂි ලබා දුන් බව වාර්තා වේ.

හර් හවුස් අධිකරණ කමිටුවට පැවසුවේ ජනාධිපතිවරයා තම ධුර කාලයෙන් බැහැරව සිටින කාලය තුළ ජාතික ආරක්‍ෂක තොරතුරු හිතාමතාම රඳවාගෙන හෝ හෙළිදරව් කළේද යන්න තීරණය කිරීම සිය කර්තව්‍ය වූ බවත් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මතකය සහ සමස්ත මානසික තත්ත්වය සලකා බැලීමට තමාට සිදු වූ බවත්ය.

ජනාධිපති බයිඩන්ගේ මතකය පිලිබඳ ගැටලුව, ගෙවුණු පෙබරවාරියේදී මතු වූ අතර ඊට හේතු වුයේ බයිඩන්ගේ පුත් බියුගේ මරණය හා සම්බන්ධ දිනයන් ඇතුළුව විස්තර සිහිපත් කිරීමට ජනාධිපතිවරයා පැකිළෙන බවත් 81 හැවිරිදි බයිඩන් දුර්වල මතකයක් ඇති සානුකම්පිත, යහපත් අදහස් ඇති, වයෝවෘද්ධ මිනිසෙකු ලෙස හර් විසින් විශේෂ වාර්තාවක් නිකුත් කිරීමෙන් අනතුරුවය.

එසේ වුවද, ඔහුගේ නිගමන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් යන දෙඅංශයෙන්ම විවේචනයට ලක්ව තිබිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි