×

බයිඩන් රුසියාවට එරෙහිව නව සම්බාධක 500 කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරයි

යුද්ධය ආරම්භ වූ දා සිට යුරෝපා සංගමය දැන් පුද්ගලයන් 2,000කට වඩා ලැයිස්තුගත කර ඇත.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාව යුක්රේනය ආක්‍රමණය කර දෙවසරක් සම්පුර්ණ වීමට ආසන්නයේ හා විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ ගැටලුකාරී මරණය මත පදනම්ව ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව සම්බාධක 500කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ, මෙම සම්බාධක නවාල්නි සිරගත කිරීමට සහ රුසියාවේ යුද යන්ත්‍රයට සම්බන්ධ පුද්ගලයින් ඉලක්ක කර ඇති බවයි.

මෙම සම්බාධක රුසියානු ආර්ථිකයට කුමන බලපෑමක් කරාවිද යන්න පැහැදිලි නොමැතිමුත් මෙමඟින් සමාගම් හෝ පුද්ගලයන් 100කට ආසන්න ප්‍රමාණයකට අපනයන සීමා පැනවේ. මේ හා සමානව යුරෝපා සංගමය ද සමාගම් 200 කට ආසන්න සංඛ්‍යාවකට සහ රුසියාවට ආයුධ ලබා ගැනීමට උදව් කිරීම හා යුක්රේන යුද්ධයට සහය ලබා දීම හේතුවෙන් ආයතන හා උතුරු කොරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයන් 200කට අධික ප්‍රමාණයකට සම්බාධක පනවා තිබේ.

යුද්ධය ආරම්භ වූ දා සිට යුරෝපා සංගමය දැන් පුද්ගලයන් 2,000කට වඩා ලැයිස්තුගත කර ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාවේ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ තමන් රුසියාවට ඇතුළුවීම තහනම් කර ඇති යුරෝපා සංගමයේ නිලධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ ලැයිස්තුව සැලකිය යුතු ලෙස පුළුල් කර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි