×

රුසියාවට නව සම්බාධක පැනවීමට ඇමරිකාව සැරසෙයි

ඒ අනුව රුසියානු ජාතික කණ්ඩායම් 30 කට පමණ අදාළ සම්බාධක බලපැවැත්වෙනු ඇති බවත්, ඇමරිකාවේ සිටින රුසියානු නියෝජිත නිලධාරීන් දස දෙනෙකු පමණ එම තනතුරු වලින් ඉවත් කෙරෙනු ඇති බවත් අදාළ රොයිටර් වාර්තාව වැඩිදුරටත් හෙළිදරව් කරයි.


රුසියාවට නව සම්බාධක පැනවීමට එක්සත් ජනපදය සූදානම් වන බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

රුසියානු නිලධාරීන් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන මෙම සම්බාධක පැනවීමට බයිඩන් පරිපාලනය තීරණය කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම නව සම්බාධක විසින් එක්සත් ජනපදයේ සිටිනා රුසියානු නියෝජිතයින් කිහිප දෙනෙකු යළි මව්රට බලා යැවීමට කටයුතු කරනු ඇති බවට වාර්තා වේ.

එක්සත් ජනපදයේ සයිබර් ආරක්ෂාවට එල්ල කරන තර්ජනයක් මත පදනම්ව යි මෙම සම්බාධක පැනවීමට ඇමරිකානු රජය තීරණය කර තිබෙන්නේ.

අදාළ රොයිටර් පුවත් වාර්තාව අනුව, සෝලර්වින්ඩ් කෝර්ප් නම් ව්‍යාපාර ජාලකරන සමාගම විසින් නිශ්පාදනය කරන ලද මෘදුකාංග හැක් කිරීමට ලක්කොට එක්සත් ජනපදයේ දහස් සංඛ්‍යාත සමාගම් වල පරිගනක පද්ධතීන් වෙත පිවිසීමට හැකර්වරුන් හට අවස්ථාව ලබාදීමට රුසියාව කටයුතු කර ඇති බවට චෝදනා නඟා තිබේ.

මෙම පදනම මත ඉහත සම්බාධක පැනවීමට බයිඩන් පරිපාලනය තීරණය කර තිබේ.

ඒ අනුව රුසියානු ජාතික කණ්ඩායම් 30 කට පමණ අදාළ සම්බාධක බලපැවැත්වෙනු ඇති බවත්, ඇමරිකාවේ සිටින රුසියානු නියෝජිත නිලධාරීන් දස දෙනෙකු පමණ එම තනතුරු වලින් ඉවත් කෙරෙනු ඇති බවත් අදාළ රොයිටර් වාර්තාව වැඩිදුරටත් හෙළිදරව් කරයි.

මේ පිළිබඳ ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාරය යන ආයතන වලින් මාධ්‍ය කළ විමසීමකදී ප්‍රතිචාරයක් දක්වා නැති බවද සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි