×

පාකිස්ථානුයේ වෙසෙන ඇමරිකානුවන්ට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව එක්සත් ජනපද තානාපති කාර්යාලය අනතුරු අඟවයි.

නත්තල් නිවාඩුවේදී, එක්සත් ජනපද තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් ජාතිකයින්ට මෙහි පැමිණීම තහනම් කර ඇත.


ඉස්ලාමාබාද් අගනුවර මැරියට් හෝටලයේ ඇමරිකානු ජාතිකයන්ට එරෙහිව මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහායක් එල්ලවනු ඇති බවට, එක්සත් ජනපද තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.


ඒ අනුව නත්තල් නිවාඩුවේදී, එක්සත් ජනපද තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් ජාතිකයින්ට මෙහි පැමිණීම තහනම් කර ඇත. එමෙන්ම නිවාඩු කාලය තුළ ඉස්ලාමාබාද්හි අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස එක්සත් ජනපද දූත මණ්ඩලය සියලුම පුද්ගලයින්ගෙන් ඉල්ලා තිබේ.


පසුගිය සිකුරාදා දින (23)පාකිස්ථානයේ පොලිස් නිලධාරීයෙකුට මරු කැඳවමින් පුද්ගලයන් 10 දෙනෙකුට තුවාල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය සමඟ මිත්‍රශීලී පකිස්ථාන තලේබාන් සංවිධානය භාරගෙන ඇති අතර, මේත් සමඟ තානාපති කාර්යාලය මෙම නියෝගය නිකුත්කර තිබිණ.


මේ වන විට පාකිස්ථානයේ ප්‍රාදේශීය මැතිවරණක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදුවන අවධියක් වුවද, රජය ඉස්ලාමාබාද් නගරය දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ තබා මහජන රැස්වීම් සහ පෙළපාලි තහනම් කර ඇත. ආරක්ෂාව වෙනුවෙන් නගරයේ නව මුරපොළවල් රැසක් පිහිටුවා, වාහන දැඩි පරික්ෂාවකට ලක් කරමින් ඇත.


2008 සැප්තැම්බර් මාසයේදී අවසන් වරට මැරියට් හෝටලය ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර, එමඟින් ප්‍රහාරකයින් 63 දෙනෙකුට මරු කැඳවමින් 250 කට වැඩි පිරිසක් තුවාල ලැබීය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි