×

ඇමරිකානු මැතිවරණය කල් නොදමන බව ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී පවසයි

සැලසුම් කර ඇති පරිදි නොවැම්බර් 3 ජනාධිපතිවරණය පවත්වන අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් නිසැකවම ජයග්‍රහණය කරන බව ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී මාක් මෙඩෝස් ප්‍රකාශ කර ඇත.


සැලසුම් කර ඇති පරිදි ඇමරිකාවේ ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාසයේ පවත්වන බව ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී මාක් මෙඩෝස් ප්‍රකාශ කර ඇති අතර ඔහු තවදුරටත් පවසන්නේ කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් එය කල් දැමීමේ අවශ්‍යතාවයක් නැති බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ ජනාධිපතිවරණය කල්දැමිමේ යෝජනාව සම්බන්ධයෙන් එරට මාධ්‍ය සිදුකළ විමසීමක දී ඔහු මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව මෙඩෝස් පවසන්නේ නිසි සෞඛ්‍ය නීතී රීති හා රෙගුලාසි හදුන්වා දෙමින් සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණැය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතින බවයි.

මාක් මෙඩෝස් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කිසිදු මැතිවරණයක් ප්‍රමාද කිරීම පිළිබඳ තීරණයක් ගැනීමේ සුදානමක් නොමැති බවය.

සැලසුම් කර ඇති පරිදි නොවැම්බර් 3 ජනාධිපතිවරණය පවත්වන අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් නිසැකවම ජයග්‍රහණය කරන බව ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී මාක් මෙඩෝස් ප්‍රකාශ කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි