සංචාරක ආකර්ශනය දිනාගත් වැනිසියේ ශබ්ද විකාශන යන්ත්‍ර සහ පුද්ගලයින් 25කට වැඩි සංචාරක කණ්ඩායම් තහනම් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉතාලිය නව නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ, නව නීති ජුනි මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි. ඉතාලි ජාතික සංඛ්‍යාලේඛන ආයතනයට අනුව, නගරය වර්ග කිලෝමීටර් 7.6 (වර්ග සැතපුම් 2.7) ප්‍රමාණයෙන් පමණක් වන නමුත් එය 2019 දී සංචාරකයින් මිලියන 13 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා සත්කාරකත්වය ලබා දී තිබේ. එමෙන්ම, ඉදිරි වසරවලදී අමුත්තන්ගේ සංඛ්‍යාව පූර්ව වසංගත මට්ටම් ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දේශගුණික විපර්යාස සහ සංචාරක ව්‍යාපාරයේ බලපෑමෙන් වැනිසියේ සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් මෙම වසර මුල දී යුනෙස්කෝව විසින් අනතුරට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට වැනීසිය ද එක්කර තිබිණි.
ඇළ මාර්ගවලින් වෙන් වෙන කුඩා දූපත් 118කටත් වැඩි ප්‍රමාණයක් පාලම් මගින් සම්බන්ධ කරමින් ඉදිකර තිබෙන වැනිස් නගරයේ පාදම ඛාදනය වීම හා දූෂණය වී ඇති අතර නිරන්තර ගංවතුරෙන් පීඩා විඳියි.
සශිකලා මධුෂාණි