×

ධානි ගෝත්‍රිකයන්ගේ සූකර උත්සවේ

ධානි ගෝත්‍රිකයන් කියන්නේ පැපුවා නිව්ගිනියාවේ ජීවත් වන ආදිවාසී ජන කොට්ඨාසයක්. ඔවුන්ගේ මුළු ජීවිතයම ඝන වනාන්තරය.


මේ අඩනිරුවත් ගෝත්‍රිකයන්ගේ (Dani People) ගැහැණු උදවිය යන්තමින් යටි කය වසා ගන්නවා.

මේ අතරේ පිරිමි ධානි ගෝත්‍රිකයන් තමන්ගේ ජනනේන්ද්‍රිය සතුන්ගේ අඟකින් ආවරණය කර ගන්නවා. එහෙමත් නැතිනම් ලී කොපුවක් ඒ සඳහා යොදා ගන්නවා.

ගෝත්‍රයේ පංති පරතරය පෙන්වන්නටත් මේක හොඳ අවස්ථාවක්.

ඔවුන් අතර තවත් පුදුමාකාර ගති පැවතුම් සහ උත්සව දැකගන්නට පුළුවන්. සූකර උත්සවය එයින් ප්‍රධානයි.

සූකරයා, එහෙමත් නැතිනම් ඌරා, ධානි ගෝත්‍රිකයන්ගේ රසවත් ආහාරයක් විතරක්ම නෙවෙයි, ඔවුන්ට සැප සම්පත් ලබාදෙන සංකේතයක් ද වනවා. සූකරයා තමයි, ඔවුන්ගේ සෞභාග්‍යයේ සංකේතය.

මුලින්ම ඔවුන් සූකර උත්සවයට දිනයක් නියම කර ගන්නවා. ඉන්පසුව ඌරෙකුව අල්ලා ගන්නවා. ඉන්පසු අල්ලාගත් ඌරා ගම්මැද්දට ගේනවා. එක ළඟ රවුමට හැදුව ගෝත්‍රික නිවාසවල පොදු මිදුල සූකර උත්සවය දවසට විශේෂයෙන් සුද්ද පවිත්‍ර කරනවා. ළමා ළපටි, ගැහැණු පිරිමි හැම කෙනෙක්ම ඉදිරියේ සූකරයාව උත්සවාකාරයෙන් දෙවියන් සහ මළවුන් වෙනුවෙන් මරණයට පත් කරනවා. ඒක තමයි, සූකර උත්සවයේ ආරම්භය.

youtube

youtube

ඒ අතර ගෝත්‍රික ගැහැණුන්, ඒ මරා දැමූ සූකරයාව දෙවියන්ටත් මළවුන්ටත් පූජා කරනවා. කෝටුවක ලණුවක් අතුල්ලා, මානව ශිෂ්ටාචාරයේ පැරණිතම ක්‍රමයකට ගින්දර උපදවා ගන්නේ ඉන් පසුවයි. මේ හැම දෙයක්ම කරන්නේ ගෝත්‍රයේ වයස්ගතම සාමාජිකයා ඉදිරිපිට ඔහුගේ උපදෙස් අනුව.

මේ ගෝත්‍ර නායකයාත් විශේෂ කෙනෙක්. ඔහු ඌරෙක් මෙන්ම මුහුණ පාටකරගෙන සිටිනවා. ඔහුට මේ පූජාවේදී විශේෂ තැනක් හිමි වෙනවා.

මරා දැමූ ඌරා රත් වූ ගල් අතර තබා පුළුස්සන්නට පෙර ධානී ගෝත්‍රිකයන් උගේ වලිගය කපා ගන්නේ දෙවියන්ට සහ මළගිය ඇත්තන්ට පූජා කරන්නටයි.

මේ අතරවාරයේ ඔවුන් එකම නාදයකින් ශබ්ද කරමින්, සිරුරු පද්දවමින් ගෝත්‍රික නැටුමක් නටනවා. කාන්තාවන් සහ ළමා ළපටින් වැල් කොළ අතුරා, බතල වැනි අල වර්ග පුළුස්සන්නට සියල්ල සූදානම් කරනවා. පැය කිහිපයක් ඇතුළත රජ බොජුනක් සූදානම්.

පිළිස්සූ සූකරයාගේ රසවත්ම කොටස් විදිහට සැලකෙන්නේ උදර මාංශ. ඒවා නම් තනිකරම හිමිවන්නේ ගෝත්‍රික පිරිමින්ට පමණයි. කාන්තාවන්ට රස බලන්නට ලැබෙන්නේ ඉතිරි කොටස්. උදර මාංශ ආහාරයට ගැනීම නිසා තමන්ට ශක්තිය සහ දීර්ඝායුෂ ලැබෙන බව ධානී පිරිමින් විශ්වාස කරනවා.

සූකර උත්සවයේදී මුළු ගෝත්‍රයම සූකරයාගේ රස බැලිය යුතුමයි. කිසිම කෙනෙකුට කෑම නොකා ඉන්නට බැහැ. හැම කෙනෙක්ම සූකර මාංශ රස බලන බවට වග බලා ගන්නේ පිරිමි උදවිය. ඔවුන් විමසිල්ලෙන් යුතුව උත්සව භූමිය පුරාම ඇවිද යන්නේ ඒ නිසාමයි.

සම්පූර්ණ වීඩියෝව නරඹන්න…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි