×

වසර පහකට පසු වියට්නාමයේ ජාතික කොංග්‍රසය කැඳවයි!

වියට්නාමයේ කමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කරන ලද්දේ 1930 වර්ෂයේදී වන අතර, මේ පැවැත්වෙන්නේ 13 වන ජාතික කොංග්‍රසය යි.


වියට්නාමයේ පාලක කමියුනිස්ට් පක්ෂය විසින් වසර පහකට පසු එරට ජාතික කොංග්‍රසය කැඳවා තිබේ.

අවසාන වරට එරට ජාතික කොංග්‍රසය කැඳවා තිබෙන්නේ 2016 වර්ෂයේදී යි.

ඒ අනුව අද (25) දින කැඳවූ ජාතික කොංග්‍රසය තුළ ඉදිරි වසර පහ සහ ඉන් ඔබ්බට නව නායකයින් පත්කර ගැනීමට නියමිතය.

වියට්නාමයේ නව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුතු ජාතික කොංග්‍රසය තුළ සිදුවන අතර, අද දින රැස්වූ කොංග්‍රසය තුළ නව නායකයින් හා ප්‍රතිපත්තීන් සම්පාදනය වනු ඇති.

වියට්නාමයේ කමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කරන ලද්දේ 1930 වර්ෂයේදී වන අතර, මේ පැවැත්වෙන්නේ 13 වන ජාතික කොංග්‍රසය යි.

ආරම්භයේ පටන් මේ වන තුරු රාජ්‍ය තාන්ත්‍රිකයින් 1600 කට ආසන්න ප්‍රමාණයක් අගනුවර හනෝයි නගරයේ සිට රට පුරා රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් දියත් කර ඇත.

රැස්වීම් ආරම්භ වීමට පෙරාතුව උදෑසන කමියුනිස්ට් පක්ෂ පුරෝගාමී හෝ චි මිංගේ ගේ සොහොන් ගෙය අසල චාරිත්‍රානුකූල උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ජාතික මට්ටමේ අවස්ථාවන් වලදී ඔහුගේ ගුණ අනුස්මරණය කිරීම වියට්නාමයේ සම්ප්‍රදායකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි