×

කැනේඩියානු වොඩ්කා සමාගමකට අයත් ජලය හොරු අරන්.

මෙම ජල ප්‍රමාණයෙහි වටිනාකම කැනේඩියානු ඩොලර් 9,000 - 12,000 අතර මුදලකි.


කැනේඩියානු වොඩ්කා සමාගමක් සතු ජලය ලීටර් 30000ක් කවුරුන් විසින් හෝ සොරකම් කර ඇති බවට එම සමාගම චෝදනා කර සිටී, කවුරුන් විසින් කුමක් සඳහා මෙසේ ජලය සොරකම් කර ඇත්තේදැයි අයිස්බර්ග් වොඩ්කා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් මයර්ස් පවසා සිටියි.

මේ පිළිබඳව පර්යේෂණ පවත්වන රාජකීය කැනේඩියානු නාවික පොලිසිය ට අනුව මෙම ජල ප්‍රමාණයෙහි වටිනාකම කැනේඩියානු ඩොලර් 9,000 – 12,000 අතර මුදලකි.

අයිස් බර්ග් වොඩ්කා සමාගමට ජලය ලැබෙන්නේ සහ ලැබ්රඩෝරෝ වෙරළ තීරයේ අයිස් ගංගා ඇළ හරහා වාර්ෂිකව නිපදවෙන යෝධ ගලැසියර් කඳු වලින් ලබා ගන්නා පිරිසිදු ජලයෙනි. සමාගම පවසන්නේ මෙවැනි ජලය වයින් කර්මාන්ත ශාලාවකට මිදි තොගයක ඇති වටිනාකම තරමටම තමන්ට ජලය වටිනා බවය.


ඔවුන්ට අනුව මෙතරම් ජලය ප්‍රමාණයක් ආයතනය නොදැනුවත්ව සොරකම් කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවන්නේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි