BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

පුංචි සිඟිත්තාට මව්කිරි ලබා දෙන කාලසීමා!

කුඩා දරුවන් සඳහා සුදුසුම පළමු ආහාරය මව්කිරි වේ

සිඟිත්තෙකු මෙලොව එළිය දකින විට ඔහුගේ පෝෂණ අවස්ථාවන් සපුරාලීමට ස්වාභාවිකවම මව්කිරි නිෂ්පාදනය වීම හරි අරුමයකි. මවකට තම අලුත උපන් බිළිඳාව සුපෝෂණය කිරීමට ඇති වටිනාම වස්තුව මව්කිරි ලෙස හඳුන්වා දිය හැක.

කුඩා දරුවන් සඳහා සුදුසුම පළමු ආහාරය මව්කිරි වේ. මෙය ලොව පවතින ;
•ආරක්ෂිතම ,
•පිරිසිදුම සහ
•රෝග වලින් ආරක්ෂා වීමට උපකාරී වන ප්‍රතිදේහ අඩංගු සෞඛ්‍යය ආරක්ෂිතම ආහාරය යි.

මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මේ පිළිබඳ අවධානය යොමු කර තිබුණි. එනම් මව්කිරි ලබා දීමේ දී මවක් වශයෙන් දැනගෙන සිටිය යුතු කරුණු අතර එහි කාලසීමාවන් වැදගත් වේ.

මව්කිරි ලබා දීමට සුදුසු කාල සීමාවන්;

•උපතින් පසු පැයක් ඇතුළත මව්කිරි දීම ආරම්භ කරන්න
•පළමු මාස ​​6 සඳහා මව්කිරි පමණක් ලබා දෙන්න
•බිළිඳාට වයස අවුරුදු 2+ වන තෙක් නොකඩවා මව්කිරි ලබා දෙන්න.

සමහර මව්වරු මව්කිරි පමණක් මදි යැයි සිතා විවිධ ආහාර මාස 6ක් යන්නට පෙර ලබා දීමට පටන් ගනී. නමුත් එය නුසුදුසු වන්නේ අලුත උපන් බිළිඳෙකුගේ ආමාශයේ ප්‍රමාණය මිලි ලීටර් 20 ක් වැනි කුඩා ප්‍රමාණයක් වන හෙයිනි.

මෙසේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මව්කිරි ලබා දිය යුතු කාලසීමාවන් පිළිබඳ දැනුවත් කිරීමක් කර ඇත.

නිපුනි ලියනගේ


පෙනහළු රෝගීන් මිලියන 250 අතික්‍රමණය කරයි!

විෂාදයට ප්‍රතිකාර කරන හතු වර්ගයක් ලන්ඩනයෙන්?

දරිද්‍රතා රේඛාවෙන් පහතට වැටෙන ලෙබනනයට කොළරා ප්‍රහාරයක්

දරුවන් තුළ ශ්වසන වෛරස් රෝග වල පෙර නොවූ විරූ වැඩිවීමක්

ඉන්දුනීසියාවේ සිරප් ඖෂධ හේතුවෙන් වාර්තාගත මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළට

ලෙබනනයේ කොළරා වසංගතය සීඝ්‍රයෙන් පැතිරේ

Covid-19 එන්නත සහ වැඩිහිටි පරම්පරාව !

“ඉබෝලා” වසංගතයට උගන්ඩාවේ ප්‍රාන්ත දෙකක් වැසේ!

error: Content is protected !!
error: Content is protected !!