×

කෝවිඩ් එන්නත ලබාගත් විලියම් ශේක්ස්පියර් මිය යයි

ඔහුගේ නම විලියම් ශේක්ස්පියර් ය.


මහා කලාකරු විලියම් ශේක්ස්පියර් නොව, කෝවිඩ්-19 එන්නත ලබාගත් ලෝකයේ දෙවැනියා සහ එන්නත ලබාගත් පළමු පුරුෂයා වීම නිසා ඉතිහාස පොතට එක් වූ විලියම් ශේක්ස්පියර් ය. 81 හැවිරිදි විලියම් ඊයේ මරණයට පත් විය. නමුත් ඒ, ෆයිසර් බයොන්ටෙක් කෝවිඩ්-19 එන්නත ලබාගැනීමට කිසිදු සම්බන්ධයක් නැති රෝග තත්වයක් නිසා ය.

දෙසැම්බර් 8 වැනිදා විලියම් අන්තර්ජාතික ලෙස ශීර්ෂපාඨ මවන්නේ ඔහු කොවෙන්ට්‍රි රෝහලේදී එන්නත ලබාගැනීමත් සමග ය. ‘කෝවිඩ්-19 එන්නත ලබාගත් ලෝකයේ ප්‍රථම මිනිසාගේ නම විලියම් ශේක්ස්පියර් ය‘ යනුවෙන් සඳහන් විය.

සැබවින්ම එය ලබාගත් ලෝකයේ ප්‍රථමයා වූයේ 90 හැවිරිදි මාග්‍රට් කිනන් ය. ඔවුන් දෙදෙනාම සිය වයස්ගත බව නොතකා, සායනික පරීක්ෂාවලින් ඔබ්බට ගොස් ඕනෑ එකක් වුණාවේ කියා එන්නත ලබාගත්හ. අවසානයේ විලියම් මිය යන්නේ ද කොවෙන්ට්‍රි රෝහලේදී ම ය. මහා කවි විලියම් ශේක්ස්පියර් ගේ උපන්ගමට කොවෙන්ට්‍රියේ සිට ඇති දුර හැතැක්ම 20 ක් පමණි. ඔහුට එම නම තැබීමට මහා කවියාගේ උපන් ගමට සමීප වීම බලපාන්නට ඇත.

රෝල්ස් රොයිස් සමාගමේ සේවකයෙකු මෙන්ම විලියම් ශේක්ස්පියර් ලේබර් පක්ෂයේ සක්‍රිය සාමාජිකයෙකු ද විය. ඔහුගේ මරණය විපක්ෂ නායක කෙයර් ස්ටාමර් ද පිළිගැනීමට ලක් කර තිබේ. ඔහු ප්‍රජාවට සේවයක් කිරීමට හැම විටම උත්සුක වූ දේශපාලන නියෝජිතයෙකු ලෙස ප්‍රකටව සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි