එක්සත් ජනපදයේ කළු ජාතික තරුණයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනය ලෝක යුදෙව් කොංග්‍රසය (World Jewish Congress) විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
මෙම මරණය බිහිසුණු වර්ගවාදී ක්‍රියාවක ප්‍රතිඵලයක් බව එම සංවිධානය විසින් ප්‍රකාශ කොට තිබේ.
ඒ අතරම ඊට විරෝධය පාමින් රැගෙන යන උද්ඝෝෂණ තුල ප්‍රචණ්ඩත්වය පවත්වා නොගන්නා ලෙසත්, තම සාධාරණ කේන්තිය ප්‍රකාශ කිරීමක් පමණක් සිදුකරන ලෙසත් එම සංවිධානය විරෝධතාකරුවන් ගෙන් ඉල්ලා තිබේ.
මේ පිලිබඳ අදහස් දක්වමින් ලෝක යුදෙව් කොංග්‍රසයේ සභාපති රොනල්ඩ් එස්. ලෝඩර් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මිනියාපොලිස් පොලිස් නිලධාරියෙකු අපගේ ඉතිහාසයේ නරකම අවස්ථාවන් සිහිපත් කරන බිහිසුණු වර්ගවාදී ක්‍රියාවකින් තරුණ අප්‍රිකානු-ඇමරිකානු තරුණයෙකු ඝාතනය කිරීම බොහෝ ඇමරිකානුවන් මෙන්ම, මා හට අදහා ගැනීමට නොහැකි විය.”
කෙසේවෙතත් වර්ගවාදය හා කෙනහිලිකම් වලට එදිරි විසඳුම ප්‍රචණ්ඩත්වය නොවන බවද හෙතෙම අවධාරණය කළේය.
“අපගේ ජාතිය සුවපත් කිරීම සඳහාත්, කළු සහ සුදු, යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන සියලු ඇමරිකානුවන් එක කිරීම සඳහාත් අප සියලු දෙනා කටයුතු කළ යුතු බැවින්, මම දේශපාලන වර්ණාවලිය තුළ සෑම නායකයකු හා ම එක්වෙමි.”
ඒ මහතා වැඩිදුරටත් පැවසීය.