×

රැවුලෙන් පිරිමින්ට අභියෝග කළ කත!

ඇයට polycystic ovarian syndrome (PCOS) ඇති අතර එය හෝමෝන අසමතුලිතතාවය ඇති කරන තත්වයක් වන අතරම එය අක්‍රමවත් ඔසප් වීම, බර වැඩිවීම, වඳ භාවය සහ අධික හිසකෙස් වර්ධනයට හේතු වී ඇත.


දිනකට තුන් වතාවක් රැවුල බෑමේ තම පුරුද්ද අත්හැරීමෙන් පසු මිචිගන්ඩර් කාන්තාවක් ලොව දිගම රැවුල වවා සිටින ඇත්තිය බවට පත් වෙමින් ගිනස් ලෝක වාර්තාවට එක්විය.

ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් හි 38 හැවිරිදි Erin Honeycutt වසර දෙකක පමණ කාලයක සිට මෙලෙස රැවුල වැවීමට පටන් ගෙන ඇත.

එය දැන් සෙන්ටිමීටර 30 (අඟල් 11.81) ප්‍රමාණයකින් යුක්ත වන අතර, ජීවමානව සිටින කාන්තාවකගේ දිගම රැවුල සඳහා වූ ලෝක වාර්තාව නිල වශයෙන් බිඳ දැමීමට ද ඇය සමත් විය.
මීට පෙර එම වාර්තාව 25.5 cm (10.04 in) ක ප්‍රමාණයක දිගින් රැව්ලක් හිමි 75 හැවිරිදි Vivian Wheeler (USA) සතු විය.

Erin රැවුල සම්පූර්ණයෙන්ම ස්වභාවිකව දිගු වූවක් වන අතර ඇය කිසිදු හෝර්මෝන හෝ අතිරේකයන් මේ සඳහා ගෙන නැති බව වාර්තා වෙයි.

ඇයට polycystic ovarian syndrome (PCOS) ඇති අතර එය හෝමෝන අසමතුලිතතාවය ඇති කරන තත්වයක් වන අතරම එය අක්‍රමවත් ඔසප් වීම, බර වැඩිවීම, වඳ භාවය සහ අධික හිසකෙස් වර්ධනයට හේතු වී ඇත.

Erin ගේ මුහුණේ රෝම වර්ධනය වීමට පටන් ගෙන ඇත්තේ ඇයට වයස අවුරුදු 13 දී ය. එතැන් පටන් ඇය රැවුල බෑම, වැක්ස් කිරීම සහ හිසකෙස් ඉවත් කිරීමේ නිෂ්පාදන භාවිතා කිරීම වැනි විවිධ ක්‍රම භාවිතා කළ බව ද සඳහන්!

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි