×

ඉන්දුනීසියා සුනාමියෙන් මිය ගිය ගණන 1200 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ සුලෙවාසි දූපත් ආශ්‍රිතව හටගත් භූමි කම්පාවෙන් සහ සුනාමිය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 1200 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.


මීට පෙර එය 800-900 අතර ප්‍රමාණයක් බව වාර්තා විය.

රික්ටර් ඒකක 7.5 ක භූ චලනයෙන් පසු සුලෙවාසි දූපත් ආශ්‍රිතව පිහිටා තිබෙන පාලූ නගරය වැසී ගියේ සුනාමි රළෙනි. එම දූපත මුළුමනින්ම පාහේ ජලයෙන් යටවු අතර, පාලූ නගරයේ පොළොව තුළ සැඟවුණු දේවස්ථානය තුළින් මේ වන විට මළසිරුරු ගොඩ ගැනීම සිදු වේ. ඒ තුළ කඳවුරක් සඳහා පැමිණ සිටි ශිෂ්‍යයන් 86 දෙනෙක් ද සිටි අතර, ඒ අතරින් ශිෂ්‍යයන් 52 දෙනෙකු ආගිය අතක් නැති බව ද වාර්තා වේ.

AFP

AFP

සහන සේවා කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවය දැඩි වී තිබෙන අතර, පාලූ නගරයේ වැසියන් අත්‍යාවශ්‍ය ආහාරවල දැඩි හිඟයකින් පෙළෙන බව ද වාර්තා වේ. පොලිසිය සහ හමුදාව පාලූ නගරය වෙත කැඳවා ඇත්තේ වෙළඳසැල් මංකොල්ල කෑම් ආදිය බහුල ලෙස වාර්තා වන හෙයිනි. පොලිසියට නොසන්සුන්කාරී පිරිස් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ද යොදාගැනීමට සිදුවිය.

Getty Images

Getty Images

අතුරුදන් වූ පිරිස් පිළිබඳ සංඛ්‍යාලේඛන තවමත් තහවුරු වී නැති අතර, මිය ගිය සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ යා හැකි බව ද වාර්තා වේ.

AFP

AFP

BBC වාර්තාව පවසන්නේ වැඩිම හානියක් සිදුවූ පාලූ නගරයෙන් මේ වන විට මළ සිරුරු කුණු වන ගන්ධය වහනය වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි