×

ලෝක (කු)ප්‍රකට අනියම් පලහිලව්

1. ජෝන් එෆ් කෙනඩි සහ මැර්ලීන් මොන්රෝ ජෝන් එෆ් කෙනඩි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පුටුවට ගිය ලාබාලතම පුද්ගලයන් අතරින් දෙවැන්නා. ඔහු දේශපාලකයෙක් හැටියට ඉතා වගකීම් සහගතව තමන්ගේ කටයුතු ඉටු කළත් පෞද්ගලික ජීවිතය තුළ සල්ලාල ජීවිතයක් ගත කළා. වරක් ඔහු තම මිත්‍රයෙක්ට කියලා තිබ්බේ දවසකට වරක්වත් සංසර්ගයේ යෙදුන් නැත්තම් තමන්ට දැඩි හිසරදයක් වැලඳෙනවා කියලයි. ඔහුගේ මේ […]


1. ජෝන් එෆ් කෙනඩි සහ මැර්ලීන් මොන්රෝ

ජෝන් එෆ් කෙනඩි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පුටුවට ගිය ලාබාලතම පුද්ගලයන් අතරින් දෙවැන්නා. ඔහු දේශපාලකයෙක් හැටියට ඉතා වගකීම් සහගතව තමන්ගේ කටයුතු ඉටු කළත් පෞද්ගලික ජීවිතය තුළ සල්ලාල ජීවිතයක් ගත කළා. වරක් ඔහු තම මිත්‍රයෙක්ට කියලා තිබ්බේ දවසකට වරක්වත් සංසර්ගයේ යෙදුන් නැත්තම් තමන්ට දැඩි හිසරදයක් වැලඳෙනවා කියලයි. ඔහුගේ මේ සල්ලාලකම් පිළිබඳව බිරිඳ වුණු ජැකී කෙනඩිත් දැනගෙන හිටියා. විවාහයට එළඹුණු මුල් සමයේ මේ ගැන දැනගැනීමෙන් පස්සේ ඇයට දික්කසාද වෙන්න ඕන වුණත් ජෝන් එෆ් කෙනඩි ඇයව ඉන් වළක්වාගන්න සමත් වෙනවා. ජනාධිපති ධුරයට පත් වීමෙන් පස්සේ කෙනඩිගේ ඇස් එවකට හොලිවුඩ් සිනමාවේ ගිනි සිළුව ලෙස හඳුන්වපු මැර්ලීන් මොන්රෝ වෙත ඇදී යනවා. ඔවුන් දෙදෙනා අතර බොහෝ දේ සිදු වෙනවා. ජෝන් එෆ් කෙනඩිගේ අවසාන උපන්දින සාදයේ “Happy Birthday, Mr.  President” ගීතය ගායනා කරන්නේ මැර්ලීන්. ඉන් මාස කීපයකට පස්සේ මැර්ලීන් සියදිවි නසා ගන්නවා. සමහර පිරිසකගේ මතයක් වෙන්නේ මේ සිදුවීම සියදිවි නසා ගැනීමක් නෙමෙයි ඝාතනයක් කියලා. මැර්ලීන් තමන්ගේ සීමාව ඉක්මවා යමින් කෙනඩිට තර්ජනය කිරීම නිසා ඇයට මිය යන්න වුණා කියලා. ඇය මිය ගියාට පස්සෙ වසරේදී ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයාවත් ඝාතනය වෙනවා.

2. බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවින්ස්කි

මොනිකා ලෙවින්ස්කි කරපු හෙළිදරව් නිසා බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාටත් ධවල මන්දිරයටත් කළු පැල්ලම් රාශියක් ඇති වුණා. මේ චෝදනා නිසා ක්ලින්ටන්ගේ විවාහ ජීවිතයත් දැඩි තර්ජනයට ලක් වුණා. පස්සේ කාලෙක ක්ලින්ටන් කියපු විදිහට ලෝකේ බලවත්ම පුද්ගලයාට ඇඳේ නැතුව සෝෆා එකක නිදා ගන්න ජනාධිපති ආර්යාව වැඩ සැලැස්සුවලු. ඒ වගේම පෝලා ජෝන්ස් නම් තවත් කාන්තාවක් ගොනු කළ ලිංගික අතවර චෝදනා නිසා ක්ලින්ටන් ජනාධිපතිවරයාට දෝෂාභියෝග තර්ජනයක් එල්ල වුණා. ක්ලින්ටන් තමන්ගේ බලය අවභාවිතා කරමින් ලිංගික අපචාරවල යෙදුණා කියන එක තමයි ප්‍රබලතම චෝදනාව වුණේ. කොහොම වුණත් මේ දෝෂාභියෝගයෙන් වගේම උසාවියෙනුත් ක්ලින්ටන් බේරෙන්න සමත් වුණා. මේ වෙනකොට නම් ආරංචි විදිහට ක්ලින්ටන් තමන්ගේ අනියම් පෙම් සබඳතාවලට සමුදීලා යහපත් ළමයෙක් වෙලාලු.

3. ජවහර්ලාල් නේරු සහ එඩ්විනා මවුන්ට්බැටන්

ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමියෙක් සහ ඉන්දියාවේ පළමු අගමැතිවරයා බවට පත් වුණු ජවහර්ලාල් නේරුතුමා සුරූපී කාන්තාවන්ට විශේෂ කැමැත්තක් දැක්වුවා. ඉන්දියාවේ අවසාන ආණ්ඩුකාරවරයා විදිහට පත්වීම් ලැබිලා ඉන්දියාවට ආපු ලුවී මවුන්ට්බැටන් සාමිවරයාගේ බිරිඳ වුණු එඩ්විනා මවුන්ට්බැටන් ආර්යාවගේ ඇස්වලින් තමන්ට හී සැර විදිනවා නේරුට දැනුනේ ඔවුන් දෙදෙනා මුණ ගැහුණු පළවෙනිම දවසේ. එදා ඉඳන් මවුන්ට්බැටන් යුවළ ඉන්දියාවෙන් යන දවස දක්වාම එඩ්විනා සහ නේරු විවිධ  අවස්ථාවල මුණ ගැහුණා. කපටි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වුණු මවුන්ට්බැටන් සාමිවරයා මේ සම්බන්ධකම තමන්ගේ වැඩවලට, ඒ කිව්වේ ඉන්දියාවට නිදහස ලබා දීම සම්බන්ධ කටයුතුවලට උපයෝගී කරගත්තා කියලත් මතයක් තියෙනවා. එඩ්විනා මිය ගිය පුවත ඇහුවමත් නේරු දැඩි කම්පාවට පත් වුණාලු.

4. ජයලලිතා සහ එම්. ජී රාමචන්ද්‍ර

මේ අනියම් සම්බන්ධතාවය දකුණු ඉන්දීය සිනමාව වගේම දකුණු ඉන්දීය දේශපාලනයත් වෙනස් කරන්න දායක වුණු සම්බන්ධයක්.  සිනමාව තුළින් ජයලලිතා සහ එම්. ජී. ආර් පෙම්වතුන් බවට පත් වෙනවා. එම්. ජී. ආර් දේශපාලනයට පිවිසීමත් එක්කම ජයලලිතා ඇගේ පූර්ණ සහයෝගය ඔහුට ලබා දෙනවා.  ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ දේශපාලනය අතට ගන්නේ ජය ලලිතා. ඒ එම්. ජී. ආර්ගේ බිරිඳ වුණු ජානකීට අවස්ථාවක් නොදී. ජයලලිතා කියපු විදිහට එම්. ජී. ආර් කියන්නේ ඇයගේ උපදේශකයා වගේම හොඳම මිතුරා. ඇය කියපු විදිහට ඇගේ දේශපාලන ගමන ඇරඹෙන්නෙත් එම්. ජී. ආර්ගේ බලපෑමකින් නෙමේලු. සමහර අවස්ථාවලදී ඇය මීට පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කළා.

5. චාල්ස් කුමාරයා සහ කැමිලා පාකර්

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමාරයා සහ සුරූපී ඩයනා ස්පෙන්සර් ආර්යාවගේ විවාහය සියවසේ සිදු වුණු උත්කර්ෂවත්ම විවාහය වගේම සුරංගනා කතාවක් බඳු විවාහයක් විදිහට සැලකුණේ. පස්සේ කාලෙක ඩයනා කුමරිය කියපු විදිහට මධු සමය දවසේ චාල්ස් කුමාරයා සැරසී ඉඳලා තියෙන්නේ C&C යනුවෙන් සටහන් වුණු ටී ෂර්ට් එකකින්.  මේ C විදිහට හැඳින්වුණු කෙනා වුණේ කැමිලා පාකර්. ඇය සහ චාල්ස් කුමාරයාගේ තිබුණු දැඩි සබඳතාවයේ ප්‍රතිඵලය වුණේ ඩයනා කුමරියට විවාහය තිත්තවීම සහ ඇය දික්කසාදයට පෙළඹීම. කොහොම වුණත් ඩයනා කුමරියගේ මරණයෙන් වසර කීපයකට පස්සේ චාල්ස් කුමාරයා නීත්‍යානුකූලව කැමිලාව තමන්ගේ බිරිඳ කරගත්තා. මේ වෙනකොට කැමිලා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙක්.

6. ඩයනා කුමරිය සහ ජේම්ස් හෙවිට්

චාල්ස් කුමාරයාගෙන් තමන් බලාපොරොත්තු වුණු ආදරය නොලැබුණා කියලා දැනුණු ඩයනා කුමරිය පෙම්වතුන් රාශියක්  ආශ්‍රය කරන්න පටන් ගන්නවා. ඒ අතරින් එක් අයෙක් වුණේ බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයෙක් වුණු ජේම්ස් හෙවිට්. ඔහු සහ ඇය  අතර පැවැති සම්බන්ධතාවය පොත්වලට වගේම චිත්‍රපටිවලටත් වස්තුබීජ වුණා. ඔහු කියන විදිහට ඩයනා සමග සම්බන්ධතාවය අවසන් වීමත් එක්ක ඔහු සියදිවි හානි කරගන්නත් උත්සාහ කළාලු. කාලයක් හැරී කුමාරයගේ නියම පියා හෙවිට් බවට මතයක් බ්‍රිතාන්‍ය සමාජයේ ඇති වුණා. හෙවිට් එය දැඩිව ප්‍රතික්ෂේප කළා. නමුත් හෙවිට්, ඩයනා කුමරිය තමන්ට එවපු ලි‍යුම් රාශියක් බ්‍රිතාන්‍ය පවුම් මිලියන දහයකට විකිණීමත් එක්ක ඔහු ඩයනා කුමරියට ද්‍රෝහි වූ බව කුමරියගේ හිතවතුන් පැවසුවා.

7. ආනෝල්ඩ් ස්වසනේගර් සහ මිල්ඩ්‍රඩ්

ඔස්ට්‍රියාවේ ඉඳන් ඇමරිකා එක්සත් ජනපදයට ඇවිත් හොලිවුඩ් සිනමාවේ ජයකෙහෙලි නංවලා අවසානයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා බවටත් පත් වුණු ආනෝල්ඩ් ස්වසනේගර් සැලකුණේ ඉතාමත් ආදර්ශමත් පුද්ගලයෙක් විදිහට. නමුත් 2011 දී හදිසියේම ඔහුගේ බිරිඳ ඔහුව දික්කසාද කරනවා. දරුවන් හතර දෙනෙක්ගේ මවුපියන් වෙමින් ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරපු ඔවුන් දෙදෙනාගේ වෙන්වීම හැමෝටම අදහා ගන්න බැරි වෙනවා. නමුත් පසුව ආනෝල්ඩ් තමන් බිරිඳට ද්‍රෝහී වුණා කියලා ප්‍රසිද්ධියේ පිළිගන්නවා. තමන්ගේ නිවසේ මෙහෙකාරිය වුණු මිල්ඩ්‍රඩ් සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන ගිය බවත්, ඒ ඇසුරෙන් ඔවුන්ට පුතෙකු සිටින බවත් ඔහු පිළිගන්න.

මුහුණු පොතින් ‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි