×

ජෝර්ජියාවේ අගමැති ඉල්ලා අස්වෙයි

නව අග මැතිවරයා දින 7ක් තුළ පත්කළ යුතුව ඇත.


ජෝර්ජියාවේ අගමැති ජෝජි ක්විරිකෂ්විල් අද සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන ලදී. ඒ එරට පාලක පක්ෂයේ (Georgian Dream) ප්‍රධානී බිඩ්සානී ඉවනිෂ්විලි සමග ඇති වූ මතභේදයක් හේතුවෙනි. ඔහු 2015 වසරේ සිට එරට අගමැතිවරයා ලෙස කටයුතු කරන ලදී.

පාලක පක්ෂය විසින් නව කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු වන බව ඔහු පවසයි. මේ වන විටත් එරට ආණ්ඩුවේ පාලනයට සහ ආර්ථික ප්‍රතිපත්තීන්ට විරුද්ධව ජනතාවගේ දැඩි අප්‍රසාදය පලවී ඇත . ජනතාව විසින් මේ වන විට රජයට විරුද්ධව රට පුරා දැවැන්ත විරෝධතා පවත්වමින් සිටී.

ඒ අනුව එළැඹෙන දින 7 ඇතුළත නව අගමැතිවරයෙක් මෙන්ම කැබිනට් මණ්ඩලයක්ද එරට ජනපති ජෝර්ජි මරග්වෙලැෂ්විලි විසින් පත් කළ යුතුව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි