×

2019 වසර සඳහා ලෝකයේ විශිෂ්ටතම ගුවන් සේවා 10

වියට්නාමයේ බජට් ගුවන් සේවාවකුත් ලෝකයේ විශිෂ්ටතම ගුවන් සේවා අතරට..


ලෝකයේ ගුවන් සේවාවන්ගේ ආරක්ෂාව සහ ඵලදායිතාවය ශ්‍රේණිගත කරන සුප්‍රකට AirlineRatings.com වෙබ් අඩවිය මගින් 2019 වසර සඳහා ලෝකයේ විශිෂ්ටතම ගුවන් සේවාවන් 10 නම් කර තිබේ.

එහි මුල් තැන හිමිව තිබනේනේ සිංගප්පූරු ගුවන් සේවය (Singapore Airlines) වෙත ය.

පිට පිට 5 වතාවක් මෙම ගෞරවය ලද නවසීලන්ත ගුවන් සේවය (Air New Zealand) වෙත මෙවර හිමි ව තිබෙන්නේ දෙවැනි තැනයි.

READ: Singapore The World’s Best Airline In 2019

සිංගප්පුරු ගුවන් සේවයේ Airbus A380 හි තිබෙන, හෝටල් කාමර සිහිගන්වන සේ සැලසුම් කර ඇති Suites මෙහිදී ජූරියේ විශේෂ අවධානය දිනාගත්තේය.

Singapore Airlines airline of the year award
Singapore Airlines’ award-winning Suites.

සිංගප්පූරු ගුවන් සේවිකාවන්ගේ විශිෂ්ට සේවය ද එහිදී සැලකිල්ලට ලක් විය.

AirlineRatings Best Cabin Crew goes to Singapore Airlines

නවසීලන්ත ගුවන් සේවය Best Premium Economy සහ Best Airline Pacific කාණ්ඩවල මුල් තැන දිනා තිබේ.

Air New Zealand Premium Economy

හොඳම කේටරින් සහ හොඳම ව්‍යාපාරික පන්තියේ පහසුකම් සහිත ගුවන් සේවය බවට පත්ව තිබෙන්නේ කටාර් ගුවන් සේවය (Qatar Airways) යි.

Qatar QSuites

කටාර් ගුවන් සේවයේදී ව්‍යාපාරික ශ්‍රේණියේ ප්‍රථම පන්තියේ අත්දැකීම ලබාගත හැකි බව එයාලයින්ස්රේටින්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

කටාර් ගුවන් සේවය විසින් එහි මගී පංති 3 වෙතම පිරිනමන කෑම බීම සත්කාර ද මෙහිදී විශේෂඥයන්ගේ අගැයුමට ලක් විය. විශේෂයෙන්ම සාමාන්‍ය මගී පන්තිය හෙවත් ඉකොනොමි ක්ලාස් හි ගමන් ගන්නා ගුවන් මගීන් හට ලෝකයේ හොඳම ගුවන් යානා කේටරින් සේවය ලබාගත හැක්කේ කටාර් එයා වේස් මගිනි.

ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය (Qantas) හොඳම ගෘහස්ථ ගුවන් සේවාව (Best Domestic Airline Service) සහ Best Lounges සඳහා විශිෂ්ටතා සම්මානය දිනාගෙන තිබේ.

AirlineRatings Best Lounges goes to Qantas
Qantas Lounges
korean air economy class
Korean Air Economy Class

හොඳම ගුවන් කාර්ය මණ්ඩලය ( Best Cabin Crew ) සිටින ගුවන් සේවය ලෙස ජය ලබා සිටින්නේ වර්ජින් ඔස්ට්‍රේලියා (Virgin Australia) ගුවන් සේවාවයි. මෙය, ඡන්ද විමසීමෙන් තේරාගනු ලබන්නකි.

Virgin Australia
Virgin Cabin Crew

මෙහිදී Economy X, Premium Economy සහ Business Class යන මගී පංති තුනම සැලකිල්ලට ලක් කර තිබේ.

මෙවර හොඳම කලාපීය ගුවන් සේවාව බවට පත්ව තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ ක්වොන්ටාස් ලින්ක් (QantasLink) ය.

qantaslink award airlineratings
QanatasLink Dash 8

Best Inflight Entertainment, Best Long-Haul Middle East සමග ලෝකයේ හොඳම ගුවන් සේවා 10 අතරට එක් වී තිබෙන්නේ එමිරේට්ස් ගුවන් සේවයයි.

Emirates
Emirates famous bar on its A380

ලෝකයේ හොඳම – වැඩිදියුණු කළ ගුවන් සේවය බවට පිලිපීන ගුවන් සේවය (Philippines Airlines) පත්ව තිබේ.

Philippine airlines A350 business class
Philippines Airlines new A350 business class

පිට පිට දෙවන වර්ෂයටත්, ලෝකයේ අතිශය අඩු වියදම්, හොඳම ගුවන් සේවාව බවට පත්ව තිබෙන්නේ වියට්ජෙට්එයා ( VietJetAir) නමැති වියට්නාම් ගුවන් සේවයයි. අන්තර්ජාතික ගුවන් සේවාවක් වන මෙහි ව්‍යාපාරික පන්තියේ විශිෂ්ටත්වය මෙම ජයග්‍රහණය ලබාගැනීමට හේතු වී තිබේ.

vietjet flight attendants
VietJet Air cabin crew

මෙහි අලෙවි සැලසුම පමණක් නොව, ස්මාට් බිස්නස් ප්ලෑන් එකක් වශයෙන් ලොව පුරා මිලියන ගණනකට අඩු වියදම් සේවාවක් සැපයීම සම්බන්ධයෙන් ද මෙම වියට්නාම් බජට් ගුවන් සේවය ලොව පුරා ප්‍රශංසාවට ලක්ව තිබේ.

දීර්ඝ ගුවන් ගමන් සඳහා විශිෂ්ටතම ගුවන් සේවාවන් බවට පත්ව තිබෙන්නේ ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවය (Delta Air Lines (Americas), යුරෝපයේ ලුෆ්තන්සා ගුවන් සේවාව (Lufthansa (Europe), මැදපෙරදිග සහ අප්‍රිකාවේ එමිරේට්ස් ගුවන් සේවාව (Emirates (Middle-East/Africa) ආසියාවේ ඊවා ගුවන් සේවාව (Eva Air (Asia) සහ පැසිෆික් කලාපය සඳහා නවසීලන්ත ගුවන් සේවාව (Air New Zealand (Pacific.) වේ.

දීර්ඝ ගුවන් සේවාවන් සඳහා හොඳම අඩු වියදම් ගුවන් සේවාවන් අතරින් ඇමරිකාවේ වෙස්ට්ජෙට් (Westjet (Americas), යුරෝපයේ Wizz (Europe) සහ ආසියා පැසිෆික් කලාපයේ AirAsia / AirAsia X (Asia/Pacific) ගුවන් සේවාවන් තේරී තිබේ.

WestJet
WestJet Cabin Crew

මේ අනුව AirlineRaings.com විසින් 2019 වසර සඳහා නිර්දේශ කරන ලෝකයේ හොඳම ගුවන් සේවාවන් 10 පහත දැක්වේ.

AirlineRatings.com‘s top 10 airlines for 2019

1. Singapore Airlines

2. Air New Zealand

3. Qantas

4. Qatar Airways

5. Virgin Australia

6. Emirates

7. All Nippon Airways

8. EVA Air

9. Cathay Pacific Airways

10. Japan Airlines



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි