×

ලොව ලොකුම පුෂ්පය ” රැෆ්ලේෂියා ආර්නෝල්ඩි” ඉන්දුනීසියාවේදී පිපෙයි

.


 

රැෆ්ලේෂියා ආර්නොල්ඩි හෙවත් රැෆ්ලේෂියා ශාකය බොහෝ විට හදුන්වන්නේ ”යක්ෂයාගේ පුෂ්පය යන නමිනි. පරපෝෂිත පුෂ්පයක් වන  ඉන් පිටවන දුර්ගන්ධයත්, පිළිකුල් සහගත බවත්  ‌‌මෙම නම ලැබීමට හේතුවයි. ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාවේ පිහිටි වනාන්තරයක පසු ගිය දා රැෆ්ලේෂියා මලක් පිපී ඇති අතර ඒහි විෂ්කම්භය අඩි 4කි. ඒම ප්‍රමාණය ගැන සැළකිල්ලට ගනිමින් බටහිර සුමාත්‍රා හී ස්වභාවික සම්පත් හා සංරක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ ඒය ලොව මෙතෙක් වාර්ථා වී ඇති විශාලතම පුෂ්පය ලෙසයි.

ඉන්දුනීසියාවට අයත් ජාතික පුෂ්පයන් තුනක් ඇති අතර ඉන් ඒකක් වන්නේ මෙම රැෆ්ලේෂියා පුෂ්පයයි. ඒරට මෙම පුෂෟලය හඳන්වනු ලබන්නේ පද්ම රාක්ෂ නමිනි.

පුදුම සහගත කරුණ වන්නේ මින් පෙර 2017 වසරේදී ලොව  රැෆ්ලේෂියා පුෂ්පය පිපී තිබුණේ ද මෙම ස්ථානයේමය. නමුත් සී ඒන් ඒන් ඉන්දුනීසියා වාර්ථා කරන්නේ මෙවර රැෆ්ලේෂීයා පුෂ්පය පෙර පිපුණු පුෂ්පයට වඩා අඟල් 4ක් විශාලත්වයෙන් වැඩි බවයි.

රැෆ්ලේෂියා ශාකයේ මුල් හෝ කොළ දැකිය නොහැක. පුෂ්පාය් ඉහත කොටසින් පිටවන නරක් වූ මාශ වලින් පිටවන දුගඳ තරමේ දුගඳ නිසා ඒය “මළ සිරුරු පුෂ්පය ” ලෙසද හඳුන්වයි.

Scientists just found one of the world's largest flowers blooming in an Indonesian jungle

ලොව විශාලතම පුෂ්පය ලෙස නම් දැරුවද , යක්ෂයාගේ පුෂ්පය නැතිනම් මළි සිරුරු පුෂ්පය ලෙස අවමන් ලැබුවද රැෆ්ලේෂියා පුෂ්පයට ඇතතේ ඉතා ඛේද ජනක කෙටි කාලීන ජීවිතයකි. ඒය පරවී මිය දෙන්නට පෙර ඒය විවර වී සතියක කාලයක් පමණක් පවතී. ඒ් නිසාම මිහිමත විශාලතම පුෂ්පය ට ආයුෂ ඇත්තේ ණයට ගත් කාලයකට බව කියැවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි