×

වැරදි එන්නතක් නිසා චීනය කැළඹේ

ජල භීතිකා එන්නතක් වැරදීම නිසා චීනය කැළඹේ.


දෝෂ සහිත එන්නතක් නිසා මේ වන විට සමස්ත චීනය පුරාම කැළඹීමක් ඇති වී තිබේ. ඒ, ජලභීතිකා එන්නතක් සම්බන්ධයෙනි.

එනම්, ජලභීතිකා රෝගය සඳහා වැරදි එන්නත් 250000 පමණ එරට ජනතාව වෙත නිකුත් කර ඇති බව වාර්තා වන අතර, චීන නායක ලී ක්වාන් යූ මේ සඳහා වහා පරීක්ෂණ පවත්වන්නැයි විධානයක් නිකුත් කර ඇත.

මෙම එන්නත නිෂ්පාදනය කර තිබෙන්නේ Changsheng Biotechnology  නමැති ආයතනය විසිනි.

මෙම සමාගම, චීනයේ විශාලතම එන්නත් නිෂ්පාදකයන් අතර දෙවැනි තැන හිමිකර ගන්නා සමාගම ද වේ.

මේ වන විට චීන සමාජ මාධ්‍ය ජාල හරහා ද මෙම පුවත වෙත විශාල ප්‍රසිද්ධියක් සහ ප්‍රචාරයක් ලැබී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි