×

The X-Files 25 වැනි වසරට – බාබි බෝනික්කෝ එළිදකිති

විද්‍යාත්මක රහස් පරීක්ෂණ කතා මාලාවන් අතරින් නොනැසෙන ජනප්‍රියත්වයක් රඳවා ගත් සුප්‍රසිද්ධ X Files කතාමාලාව 25 වැනි වසරට. ඔවුන්ගේ එම සැමරුමෙහි ප්‍රධානතම තැනක් ගන්නේ එහි ප්‍රධාන චරිත දෙක බාබි බෝනික්කන් දෙදෙනෙකු බවට පත්වීමයි.


සුප්‍රකට එක්ස් ෆයිස්ල් X-Files විද්‍යාත්මක රහස් පරීක්ෂණ රූපවාහිනී මාලා නාටකය 25 වැනි වසරට සම්ප්‍රාප්ත වීමත් සමග එහි ප්‍රධාන චරිත දෙක වන ස්කලී සහ ෆොක්ස් ගේ රුව රැගත් බාබි බෝනික්කන් දෙපළ කළ එළි බැසීම සිදුවිය.

මෙම එක් බාබි බෝනික්කෙකුගේ මිල ඩොලර් 39 ක් පමණ වන අතර, එෆ්බීඅයි නිල ලාංඡනය සහ සැබෑ ලෝකයේ නළු නිළි දෙපළගේ ඡායාරූපයකින්, එම බාබි බෝනික්කන් බහාලන වොලට්ටුව නිර්මාණය වී තිබේ.

මෙම කතා මාලාවේ ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගත් ප්‍රධාන චරිත දෙක වන්නේ Fox Mulder  (ෆොක්ස් මල්ඩර්) සහ Dana Scully (ඩේනා ස්කලී) ය. ප්‍රබන්ධ ලෝකයේ FBI හෙවත් ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවයේ ඒජන්තවරුන් දෙදෙනෙක් වන ෆොක්ස් සහ ඩේනා ලෙස පිළීවෙළින් David Duchovny සහ Gillian Anderson රංගනයෙන් එක් වෙති. ගිලියන් ඇන්ඩර්සන් කලෙක ලංකාවේ ද පුවත් මවන චරිතයක් බවට පත්ව තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇයට අයත් ව තිබූ නිවසක හිමිකම පිළිබඳ මතභේදයක් උද්ගත වූ බැවිනි.

එක්ස් ෆයිල්ස් හි නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම වන thexfilesfox විසින් එම පුවත මුලින්ම අන්තර්ජාලයට මුදා හැර තිබුණේ මෙසේ ය. “The X-Files is celebrating 25 years!” the official “X-Files” account wrote. “To commemorate the occasion @mattel has just launched a new official Mulder & Scully @barbie!”

Mattel සමාගම විසින් මේ දෙපළ බාබි බෝනික්කන් බවට පත්කිරීමට උත්සාහ කළ පළමු අවස්ථාව මෙය නොවේ. 1998 වසරේදී සුප්‍රසිද්ධ බාබි පෙම් යුවළ වන කෙන් සහ බාබි, ස්කලී සහ මල්ඩර්ගේ නිල ඇඳුම් ඇඳගෙන සිටින බාබි යුවළක් ද වෙළඳපොළට නිකුත් කර තිබිණි. නමුත් මෙම නව බාබි යුවළ ඊට වඩා වේගයෙන් ලෝකයේ ජනප්‍රිය වනු ඇතැයි සිතන්නේ එක්ස් ෆයිල්ස් කතා මාලාවේ 25 වන සංවත්සරය වෙනුවෙන් මෙය නිකුත් කර තිබෙන නිසා ය.

1993 වසරේ සැප්තැම්බර් 10 වැනිදා ෆොක්ස් නාලිකාව ඔස්සේ ප්‍රථම වරට විකාශය වු The X-Files කතා මාලාව ක්‍රිස් කාටර්ගේ නිර්මාණයකි. FBI හි තිබෙන පැරානෝමල් හෙවත් අධිතාත්වික ක්‍රියාකාරකම් හා සබැඳි, විවෘත නොකළ ලිපිගොනු හෙවත් ෆයිල්ස් විමර්ශනය භාරව සිටින්නේ ඔවුන් ය. මේවා X files ලෙස හඳුන්වන්නේ ද එම සිදුවීම් ‘අඥාත‘ හෝ ‘නොවිසඳුණු‘ බව ඉඟිකරන සංකේතයක් ලෙස ය. එක් කතාංගයක් විනාඩි 45 බැගින් දිවෙන මෙහි කතාංග සිය ගණනක් ලංකාව ද ඇතුළුව ලොව පුරා රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය විය. මේ අතර  1998 වසරේදී The X-Files ලෙස රූපවාහිනී මාලා නාටකය පදනම් කරගෙනත්,  The X-Files: I Want to Believe  යනුවෙන් වෙනම චිත්‍රපටයක් ලෙසත් චිත්‍රපට දෙකක් ද එළිදුටුවේය.

2018 ජනවාරි 3 දා පටන් එක්ස්ෆයිල්ස් කතා මාලාවේ 11 වැන්න ද මේ වන විට විකාශය වෙමින් තිබේ.

නිතර සැක සංකා සහිතව සෑම පැත්තක්ම බලන ඩේනා සහ ඇය සමග අනුරාගී ලෙස ආදරයෙන් බැඳී සිටින, ‘විශ්වාසකරන්නෙකු‘ වන ඩේවිඩ් අතර විවිධ කතාංගවල හුවමාරු වූ දෙබස් පවා මේ වන විට ප්‍රේක්ෂකයන් විසින් නැවත ප්‍රතිනිර්මාණය කර තිබේ.  එනම්ස්ක, ලී සහ ඩේවිඩ් අතර දළුලන, නමුත් කිසිදා දිග කතාවක් නොතැනූ රොමෑන්ටික් ආදරයේ දෙබස් ද මේ වන විට සමාජ ජාල හරහා වේගයෙන් සංසරණය වෙමින් තිබේ. පහත දැක්වෙන්නේ එක්ස් ෆයිල්ස් රසිකයන් විසින් මතකයේ තබාගෙන සිටින එවැනි එක් දෙබසකි.

Scully: Why do you always have to drive? Because you’re the guy? The big macho man?!

Mulder: No, I was just never sure your little feet could reach the pedals.!

මෙම බාබි බෝනික්කන් යුවළ ගැන X-Files ෆේස්බුක් පිටුවේ කමෙන්ට් එකක් දමමින් අයෙක් සඳහන් කර තිබුණේ, ‘‘මම ඔවුන්ට පැය ගණනක් සිප ගන්නට සලස්වනවා..“ යනුවෙනි. ස්කලී සහ ඩේඩිඩ්ගේ රොමාන්තික ආදරය, X-Files කතාමාලාවේ නිහැඬියාව මැද පවා ජනප්‍රියත්වයෙන් අනූන බවට මෙය සාක්ෂි සපයයි.

Jenny Störzel I’ll make them kiss for hours 🤣🤣🤣🤣🤣



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි