ප්‍රංශ අගමැති එඩියුවාඩ් ෆිලිපේ (Edouard Philippe) මෙම අත්ඩංගුවට ගැනීම් ගණන 107 ක් බව පවසද්දී ප්‍රංශ පොලිසිය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ එම සංඛ්‍යාව 260කට අධික බවයි.
මේ වනවිට දින කිහිපයක් පුරා පැවතෙන විරෝධතා මගින් විරෝධතාකරුවෝ ඉන්ධන මිල ඉහළ දමමින් පැනවූ නව බද්දකට සිය විරෝධය පළ කර සිටිති. තමන්ගේ එකම ගමනාගමන ක්‍රමය මෝටර් රථ වන හෙයින්, මැක්‍රොන්ගේ ඉන්ධන බද්ධ තමන්ට දරාගත නොහැකි බව ඔවුහු කියා සිටිති.
උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ඇතිවූ දරුණු ගැටුම් මර්දනය කිරීම සඳහා කඳුළු ගැස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. ජනතාව අතට හසුවන ඕනෑම දෙයකින් පොලිසිය වෙත පහර දෙන බව ද වාර්තා වේ.
රටේ නන් දෙසින් පැමිණි උද්ඝෝෂකයන් සිය සාමාන්‍ය ඇඳුම මතින් කහ පැහැති ජැකට්ටුවකින් සැරසී සිටින බැවින් ඔවුන්ව හැඳින්වෙන්නේ Yellow Vest protesters යනුවෙනි.
පැරිස් නුවරට පැමිණ සිටි උද්ඝෝෂකයන් සංඛ්‍යාව 5000 ඉක්මවද්දී ප්‍රංශයේ සෙසු නගරවල ද 75000 කට අධික සංඛ්‍යාවක් උද්ඝෝෂණවල නියැළී සිටිති. පොලිසිය සමග එම ස්ථානවලදී ද ගැටුම් ඇති වී ඇති අතර, ඇතැම් මාධ්‍යයක් මේ ගැටුම් හඳුන්වා දී තිබුණේ ‘වීදි සටන්‘ ලෙස ය. අගනුවරට බැහැර ප්‍රදේශවල ගැටුම්වලින් පුද්ගලයන් 90කට ආසන්න සංඛ්‍යාවක් තුවාළ ලබාඇති බව ද වාර්තා වේ. පොලිස් නිලධාරීහු 6 දෙනෙක් පමණ ද ඒ අතර වෙති.
මේ වන විට මැක්‍රොන්ට එරෙහි ආණ්ඩු විරෝධයක් දක්වා වර්ධනය වී ඇති මෙම ඉන්ධන බද්ද පිළිබඳ ගැටළුව නැවත සලකා බලන බව ජනාධිපතිවරයා පවසා තිබේ.
ප්‍රධාන ඡායාරූපය © AFP / Lucas Barioulet