×

යේමනයේ ප්‍රධානම වරායකට සෞදි හමුදා ප්‍රහාර

මිලියන 8ක ජනතාව සාගින්නේ


සෞදි හමුදාව යේමනයේ ප්‍රධානතම වරය වන හුඩායිදා වරායට දරුණු ප්‍රහාර එල්ල කරන ලදී.

හුඩායිදා වරාය යේමන ජනතාව වෙත සහනාධාර මෙන්ම අනෙකුත් සියලු පහසුකම් සපයන ලද මරමස්ථානය වන අතර ඒ සියළු කටයුතු මේ වන විට අඩාල වී ඇත. ඒ අනුව යේමනය තුළ මිලියන 8කට ආසන්න ජනතාවට සාගින්නේ මිය යන්නට සිදුවීමේ අවධානමක් පැමිණ ඇත.

හුඩායිඩා ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස යේමන රජය විසින් හුතී ගරිල්ලන් වෙත අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය වන තුරු අවස්තාව ලබා දී තිබුණි. නමුත් අද උදෑසන වන විටත් ඔවුන් ඉන් ඉවත් නොවීම මෙම ප්‍රහාර වලට හේතුවයි.

හුතී ගරිල්ලන් යටතේ පැවති ප්‍රදේශ වලට අහාර සහ අනෙක්තු ආධාර සැපයීම මේ වන විට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි