×

යේමනයේ ‘විශාල සාගතයක්‘ අත ළඟ

යේමනය දරුණු ආහාර හිඟයකට මුහුණදීමට ආසන්න බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ආධාර වැඩපිළිවෙළේ උප ලේකම් මාර්ක් ලොව්කොක් මේ බව ප්‍රකාශ කළේ ජගත් සංවිධාන ආරක්ෂක කවුන්සිලය අමතමිනි. ඔහු පෙන්වා දෙන අන්දමට යේමනයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට යැපෙන්නේ මානුෂීය ආධාර මතය. යේමනයේ ජනයා අති දරුණු දුර්භික්ෂ තත්ත්වයක් වෙත ගමන් ගනිමින් සිටින බව ඉතාමත් පැහැදිලියැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබිණ. එකී දුර්භික්ෂය මේ වන තෙක් බලයේ සිටි කිසිදු වෘත්තිකයකු ඔවුන්ගේ සේවා කාලය තුළ නුදුටු තරමේ ඉතාමත් භයානක දුර්භික්ෂයක් වනු ඇතැයි කියා ලොව්කොක් කියයි.men at risk of ‘big famine’

අස්ථාවර තත්ත්වය හේතුවෙන් යේමනෙයේ ආහාර අර්බුධයක් හටගත හැකි බව ලෝක සංවිධානවල නියෝජිතයෝ මෙයට පෙර අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්හ. යේමනය තුළ මේ වනවිට පවත්නා ආහාර හිඟය දෙස බලන විට කලින් උපකල්පනය කළාට වඩා දරුණු තත්ත්වයක් ඇතිවෙමින් තිබේ. යේමනයේ ජනගහනයෙන් මිලියන 11කට ආසන්න පිරිසක් පසුගිය මාසය වනවිට ආහාර හිඟයට මුහුණ දෙමින් සිටියහ. එසේ වුවත් එම සංඛ්‍යාව අද වනවිට මිලියන 14කට ආසන්න වෙමින් පවතින බව ලොව්කොක්ගේ අදහසයි. යේමනයේ වත්මන් ජනගහනය මිලියන 28කට ආසන්නය. ලොව්කොක්ට අනුව යේමනයේ ජනගහනයෙන් හරි අඩකට ආසන්න පිරිසක් දැනටමත් සාගින්දරෙන් පෙළෙති.

Lowcock said about half of Yemen's population could soon face 'pre-famine conditions' [Salvatore di Nolfi/EPA]

Lowcock said about half of Yemen’s population could soon face ‘pre-famine conditions’ [Salvatore di Nolfi/EPA]

යේමනයේ ප්‍රදේශ කිහිපයක මේ වනවිටත් දරුණු සටන් පවතී. හෙඩෙයිඩාහ් වරාය නගරය ආශ්‍රිත ප්‍රදේශය ඉන් එක් ප්‍රදේශයකි. දරුණු සටන්, ෂෙල් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් හෙඩෙයිඩාහ්හි තත්ත්වය ඉතාමත් භයානක බැව් ලොව්කොක් ජගත් ආරක්ෂක කවුන්සිලයට අවධාරණය කළේය. හෙඩෙයිඩාහ් වෙත එල්ල කෙරෙන ප්‍රහාර ක්‍රමයෙන් වැඩි වූයේ පසුගිය ජුනි 13වැනිදායින් පසුවය. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ රාජ්‍ය හෙඩෙයිඩාහ් වරාය නගරය ආශ්‍රිත ප්‍රදේශයට කෙරෙන පහරදීම් වැඩි කළේ එම වරාය නැවත මුදාගැනීමේ අරමුණ ඇතිවයි. වරාය, 2014 වසරේ සිට මේ වනතුරු පවතින්නේ හොවුති සන්නද්ධකාමීන් අතය. යේමනයේ ආනයන කටයුතුවලින් 70%ක්ම කෙරෙන්නේ එකී වරාය හරහායි. හොවුති සන්නද්ධකාමීන් මේ වරාය සහ වරාය නගරය තමන් භාරයට ගනිමින් හොර ජාවාරම් කරන බවට සෞදි අරාබිය චෝදනා කරයි. එසේ කෙරෙන ජාවාරම් අතර අයතා ලෙස ඉරාණයෙන් අවි ගෙන්වීම ද ඇත. සෞදි අරාබිය පවසන අන්දමට හෙඩෙයිඩාහ් වරාය නිසා හොවුති සන්නද්ධකාමීහු මසකට ඇමෙරිකා ඩොලර් මිලියන 30ත් 40ත් අතර මුදලක් උපයති.

ජගත් සංවිධානය, ආධාර ලබාදෙන සෙසු ආයතන හා එක්ව යේමනයේ වෙසෙන මිලියන තුනකට ආසන්න පිරිසකට ආහාර ලබා දෙමින් සාගින්දර නිවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළේ පසුගිය වසරේදීය. පරිත්‍යාග හේතුවෙන් ආධාර ලබාදීමේ වැඩපිළිවෙල පුළුල් කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකි විණ. ඒ අනුව පසුගිය සැප්තැම්බරය වනවිට මිලියන 8ක පිරිසකට ආහාර සහනාධාර ලබා දිය හැකි විය. එහෙත් එහි වෙසෙන මිලියන 14කට අධික පිරිසකට ආහාර ආධාර අවශ්‍යය බව දැන් අනාවරණය වෙමින් තිබෙන්නේ යැයි ලොව්කොක් පවසයි.

දුර්භික්ෂයක් පවතින බව ප්‍රකාශයට පත් කරන්නට අවශ්‍යතා තුනක් සම්පූර්ණ විය යුතුව ඇත.

නිවෙස්වල වෙසෙන සෑම පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු අතිශයින්ම ආහාර හිඟ තත්ත්වයකින් පෙළීම එක් අවශ්‍යතාවයකි.

වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 30%කට අධික පිරිසක් දරුණු මන්දපෝෂණයෙන් පෙළීම දෙවැනි අවශ්‍යතාවයයි.

තෙවැන්න, අඩු තරමින් පුද්ගලයන් 10,000කට, පුද්ගලයන් දෙදෙනෙකුවත් ආහාර හිඟය නිසා දිනපතා මියයන තත්ත්වයක් උද්ගතවීමයි.

මේ අවශ්‍යතා තුනෙන් කවර ඒවා යේමනය මේ වනවිට සම්පූර්ණ කරමින් සිටින්නේ ද යන්න ගැන නිසි තක්සේරුවක් තවමත් නැත. එවැනි තක්සේරුවක ප්‍රතිඵල ලබන මාසය මැද භාගය වනවිට ලැබෙනු ඇතැයි කියා ජගත් බලධාරීහු විශ්වාසය තබා සිටිති.

අරාබි ලෝකයේ ඉතා දිළිඳු රාජ්‍යයක් වන යේමනය තුළ ගැටුම් ඇතිවන්නට පටන් ගත්තේ එහි සානා අගනුවර හොවුති සන්නද්ධකාමීන් අතට 2014 වසරේදී පත්වීමත් සමඟයි. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමන රජය සමඟ එක්ව 2015 සිටම හොවුති සන්නද්ධකාමීන් මැඩීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි