×

රෙෂ්මාගේ තබ්ලාව

රෙෂ්මා පණ්ඩිත් කියන්නේ, තබ්ලා වාදනයෙන් ලෝකයම වසඟයට ගෙන තිබෙන Youtube Sensation එකක්.


යූ ටියුබ් හරහා ප්‍රකාශයට පත් වෙන ඇගේ කෙටි වීඩියෝවක් වුණත් මිලියන ගණනක් දෙනා නරඹනවා. සිතාර් ලෝකයේ පණ්ඩිත් රවි ශංකර්ගේ දියණිය, අනුෂ්කා ශංකර් විසින් හිමිකර ගෙන තිබෙන කීර්තියට නොදෙවෙනි කීර්තියක් ඇය තබ්ලා ලෝකයේ හිමි කර ගනිමින් සිටිනවා.

විශේෂයෙන්ම, තබ්ලාව වැනි පිරිමි අත්වලට ගැළපෙන ලෙස නිෂ්පාදනය කරන බව කියන අවනද්ධ වාද්‍ය භාණ්ඩයක්, ඈ වැනි තරුණියකගේ සියුමැලි අත්වලින් වාදනය වන අන්දම අපූර්වත්වයක් මුසු කරනවා විතරක් නෙවෙයි, සංගීත ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී (Gender) පරතරය ඇය විප්ලවීය විදිහට අතික්‍රමණය කරමින් සිටිනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි