×

YouTube නිසා Google ආයතනයට ඇ.ඩො මිලියන 170 ක දඩයක්

දරුවන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතීන් උල්ලංඝනය කළ බවට උල්ලංඝනය කළ බවට චෝදනා


YouTube සමාජ මාධ්‍ය වෙනුවෙන් එහි හිමිකාරීත්වය දරන Google ට එරෙහිව ඩොලර් මිලියන 170ක දඩ මුදලක් නියම කර ඇත. ඒ දරුවන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධ ඇමරිකානු නියාමනයන් යටතේය. මෙම දඩ මුදල පනවා ඇත්තේ ඇමෙරිකාවේ ෆෙඩරල් වෙළෙඳ කොමිසම (FTC) විසිනි.

YouTube ඔස්සේ දෙමවුපියන්ගේ අවසරයක් හෝ දැනුවත් කමකින් තොරව වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ දත්ත එකතු කිරීම මෙම දඩය නියම කිරීමට හේතු වී ඇත.

ෆෙඩරල් වෙළෙඳ කොමිසම පවසන්නේ මෙම දත්තයන් දරුවන් ඉලක්ක කර ගත් වෙළද දැන්වීම් ප්‍රචාරණයේදී යොදා ගන්නා බවයි. නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධව YouTube ආයතනයට කිසිදු සමාවක් නැති බව මෙම කොමිසම පවසයි.

YouTube ආයතනය සිය දැන්වීම් ප්‍රචරණ ආයතන සදහා සිය යෝජනාවන් ඉදිරිපත් කිරීමේදී තමන් සුප්‍රසිද්ධ රූපවාහානි නාලිකාවන් 19කට වඩා ඉදිරියෙන් සිටින බව පෙන්වා දෙමින් වයස අවුරුදු 6-11ත් අතර දරුවන් වෙත සෘජුවම සන්නිවේදනය කළ හැකි බවට අවධාරණය කර තිබීම තුළ YouTube යනු දරුවන් වෙනුවෙන් පවතින්නක් යන අදහස ඉස්මතු කර ඇති බවයි.

මේ සම්බන්ධව YouTube Kids app. ආයතනයද සිය නියාමනයන් වෙනස් කිරීමට සූදානමින් සිටී.

ඇමරිකානු ෆෙඩරල් වෙළද කොමිසමේ ප්‍රධානී රෝහිත් චොප්රා පවසන්නේ එය මෙතෙකින් නිමා නොවනු ඇති බවයි. ඔහු ගූගල් සහ YouTube ආයතන විසින් කාටුන් සහ ළමා ගී සදහා දරුවන් පොළඹවා ඇති බවට චෝදනා කරයි.
එමෙන්ම මේ වන විට ගූගල් සහ YouTube ආයතන විසින් ඉතා රහසි ගත ලෙස පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු එකතු කිරීම සදහා විවිධ වෑයම් දරමින් සිටින බව මෙම කොමිසම චෝදනා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි