ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට සිම්බාබ්වේහි පළාත් දහයෙන් පහකම කොළරා වසංගතය මේ වනවිට පැතිර යමින් තිබේ. වසංගතයෙන් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව 31කට ආසන්න බව සඳහන් වේ. හයදහස් පන්සියයකට අධික පිරිසක් කොළරා බැක්ටීරියාව ආසාදනයවීමෙන් ප්‍රතිකාර ලබති. Zimbabwe cholera outbreak
වසංගතය තවදුරටත් පැතිර යෑම වැලැක්වීමේ අරමුණෙන් මහජනයා සමූහ වශයෙන් පොදු ස්ථානවල ඒකරාශී වීම රජයෙන් තහනම් කර ඇත. මහ මං දිගට ආහාර පාන අලෙවියත් පසුගිය දා තහනම් කෙරිණ. එරට පානීය ජල මූලාශ්‍ර රැසක්, හරාරේ නුවරින් බැහැර කෙරෙන කැළි කසළවලින් දූෂ්‍ය තත්ත්වයට පත්වීම නිසා කොළරා වසංගතය හටගෙන ඇත.
More than 3,000 people have been infected with cholera | BBC
2008 වසරේදීත් සිම්බාබ්වේ රාජ්‍යය කොළරා වසංගතයකට මුහුණ දුන්නේය. එකී වසංගතය හේතුවෙන් 4,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ. ආසාදිත තත්ත්වයට පත් 40,000කට අධික සංඛ්‍යාවක් එවර ප්‍රතිකාර ලබාගත් බව සඳහන් වේ. මෙවර ඇති වී තිබෙන කොළරා වසංගතයත් 2008 වසරේ ඇති වූ වසංගතය තරමටම ප්‍රබල වනු ඇත්දැයි කියා ලෝක සෞඛ්‍යය බලධාරීන් තුළ සැකයක් හටගෙන ඇත.
BBC
මතුව ඇති කොළරා වසංගතය මැඩපැවැත්වීමට අවශ්‍යය මූල්‍යමය ප්‍රතිපාදන සිම්බාබ්වේ රජයට හිඟ බව විදෙස් වාර්තාවල සඳහන් වේ. මුදල් අමාත්‍ය ධුරයට අලුතින් පත් වූ එම්තුලී එන්කියුබේ මහජනයාගෙන් ආධාර එකතු කිරීමේ වැඩ පිළිවෙලක් මේ නිසා ආරම්භ කර ඇත. මේ වැඩ පිළිවෙල සාමාන්‍යය ජනයාගේ දැඩි විවේචනයට ලක් වෙමින් තිබේ. කොළරා වසංගතය මඩින්නට මහජන ආධාර ලබා ගැනීම මේ නිසා අසීරු තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කොළරා වසංගතයක් මතුවේයැයි කියා දකුණු අප්‍රිකාවත් සිය රට තුළ අවදානම් සහගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ රාජ්‍යට ආසන්නයේ පිහිටි රාජ්‍යයකි. දෙරට අතර දේශසීමාව හේතුවෙන් වසංගතය දකුණු අප්‍රිකාවේත් පැතිර යෑමේ අවදානමක් ඇති බව පැවසේ. එබැවින් දේශසීමාවේ ඇති, දකුණු අප්‍රිකාවට අයත් ලිම්පොපෝ ප්‍රාන්තයේ ජනතාව කොළරාවෙන් බේරාගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් අරඹන්නට බෝ වන රෝග පිළිබඳ දකුණු අප්‍රිකා ආයතනයේ බලධාරීන්ට සිදුව තිබේ.